ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබි්‍රයෙල් අයිසැක් මහත්මිය ද මෙම හමුවට සහභාගීවී සිටියා.
සාකච්ඡාව අතරතුර, කථානායකවරයා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.
කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම, ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු බහුවිධ අංශවල සහයෝගීතාවය වර්ධනය සඳහා අවස්ථා පවතින බව ද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ධාරිතා වර්ධනය සහ තාක්ෂණික දියුණුව සඳහා නවසීලන්තයේ සහයෝගය ලබා ගැනීමේ වැදගත්කම කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
දූෂණය තුරන් කිරීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහයන් මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- බැකෝ සමන්ගේ ගෝලයෙක් ගංජා සමග අල්ලයි
- කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂන මණ්ඩලයෙන් නිවේදනයක්
- සෞදි අරාබියේ ජාතික දිනය සැමරීමට විපක්ෂ නායකවරයා එක්වෙයි
- ශක්තිමත් රාජ්‍ය සේවාවක් -නලින්ද ජයතිස්ස
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- නවසීලන්ත මහ කොමසාරිස් සහ කථානායක අතර හමුවක්
- ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර සාකච්ඡාවක.්
- පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරයෙන් කඳවුරු බැන්ද 26ක් අධිකරණය හමුවට