පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ නායයාමෙන් මියගිය පුද්ගලයන් සිව්දෙනෙකු සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.
පළමු මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණු අතර පසුව තවත් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා.
එසේම නායයාම හේතුවෙන් තුවාල ලබා සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන් ඇතුළත් කෙරුණේ මාවනැල්ල මූලික රෝහල වෙතටයි.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳ සැලක් මතට පස් සහ ගල් පෙරලීමෙන් අද(22) පෙරවරුවේ මෙම අනතුර සිදුවූවා.
අනතුරින් සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර එහිදී පුද්ගලයන් පිරිසක් මෙලෙස මුදාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
එසේම සුන්බුන් අතර තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් සිරව සිටින බවත් ඔවුන් මුදාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදු කර බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා පවසන්නේ අදාළ ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නායයෑම සිදු වූ ස්ථාන නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙයසි.
මේ අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට(23) පස්වරුව දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙන බවද කෑගල්ල දිස්ත්‍රික් ලෙක්ම්වරයා පවසනවා.











