ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව අද(21) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 382ක්.
මෙතෙක් රුපියල් 353ක්ව පැවැති ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමත් සමගින් එහි නව මිල රුපියල් 443ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60කින් ඉහළ දමා තිබෙනවා.
පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 455ක්.
පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල ලෙස රුපියල් 398ක් දැක්වෙන්නේ ලීටරයක් රුපියල් 81කින් ඉහළ යාමත් සමගින්.














