හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.
1968 ජුනි මස 22 වන දින උපන් රත්වත්තේ මහතා මියයන විට වයස අවුරුදු 57ක්.
2009 වසරේ මධ්‍යම පලාත් සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලනය පිවිසි ලොහාන් රත්වත්තේ මහතා 2010 වර්ෂයේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ මහතා සහ කාමන් රත්වත්තේ මහත්මියගේ වැඩිමහල් පුත්‍රයා වූ ලොහාන් රත්වත්තේ මහතාට තවත් සහෝදරයෙක්ද වනවා.
පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස 2012 වර්ෂයේදී ලොහාන් රත්වත්ත මහතා පත් කරනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින්.
මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එහිදී ඔහු පත්වූවා.
2015 වර්ෂයේදී සහ 2020 වර්ෂයේ පැවැති මහ මැතිවරණවලින් යළිත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වූවා.
2020 වර්ෂයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේදී මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
එසේම එම රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව බන්ධනාගාර සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයටද ලොහාන් රත්වත්තේ මහතා පත් කරනු ලැබුවා.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේදී ලොහාන් රත්වත්තේ මහතායි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිය වන්නේ රෂිපබා රාජපක්ෂ රත්වත්තෙ මහත්මියයි.