
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ සරණ ගුණවර්ධන මහතා දූෂණ චෝදනාවලට වරදකරුවෙකු බවට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මෙලෙස දඬුවම් ලැබී ඇත්තේ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනාවලට වරදකරු වීමෙනි.
ඒ අනුව සරණ ගුණවර්ධන මහතා එක් නඩුවකට බරපතල වැඩසහිතව වසර හතරක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.
එසේම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ හයක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබෙනවා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සරණ ගුණවර්ධන මහතා කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුළී පදනම මත වාහන ලබාගැනීමේදී රජයට පාඩුවක් සිදු කිරීම තුළින් “දූෂණය” නමැති වරද කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් ඒ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.














