හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේදී අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති රාජ්‍ය නායක සමුළුවකට සහභාගි වී ලන්ඩන් නුවර හරහා මෙරටට පැමිණීමේදී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනපතිවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.
එලෙස පැයට හතරකට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.