ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහබාගි වන දෙවන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ හොංකොං ක්‍රිකට් කණ්ඩායම සමගින්.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට හොංකොං කණ්ඩායමට ආරාධනා කර සිටියා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි හොංකොං කණ්ඩායම පන්දුවාර පහක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 41ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
Zeeshan Ali ලකුණු 23කට දැවී ගියා.
ඒ දුශ්මන්ත චමීර යොමු කළ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබාදෙමින්.
Anshy Rath ලකුණු 12ක් ලබාගනිමින්ද Babar Hayat ලකුණු 0ක් ලබාගනිමින්ද නොදැවී පන්දුවට පහර දෙමින් සිටිනවා.
පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.
තරගය පැවැත්වෙන්නේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය සඳහා තවත් පන්දු 60කදී ලකුණු 99ක් ලබාගැනීමේ අරමුණින් ඕමාන් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.
එක්සත් අරාබි එමිර් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී ලකුණු 172ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඕමාන් කණ්ඩායම පන්දුවාර 10.4ක් අවසානයේ ලකුණු 77ක් ලබාගෙන සිටින්නේ කඩුලු 5ක් බිඳ වැටෙමිනි.