ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා. 2027 අදියරේ අවසන් මහා තරගයේ සත්කාරකත්වයට ඉන්දියාවේද බලාපොරොත්තුවක් තිබූ පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්. සිංගප්පූරුවේ පැවති අයි.සි.සි වාර්ෂික සමුළුවේදී මෙම තීරණය අනුමත කර ඇති බව සඳහන්. ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊට දැක් වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අනුව 2021 වසරේ පැවැති අවසන් මහා තරගය ඇතුළුව මේ දක්වා පැවැති සෑම අදියරකම 2023 – 2025 අවසන් මහා තරග සඳහා ද සත්කාරකත්වය ලබා දී ඇත්තේ එංගලන්තයයි. 2023 – 2025 අදියරට අදාළ ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය පසුගිය මාසයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුළු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූණා.
උණුසුම් පුවත්
- ඉන්දියාවේ අගමැති තීරණාත්මක සංචාරයකට සැරසෙයි !
- වඩුක්කෝඩේ ආරක්ෂාව තර කරයි
- අපිට ජනතාව බලය දුන්නේ මේක වෙනස් කරන්න – අපි ඒක කරනවාමයි !
- පහේ ශිෂ්‍යත්ව විභාගය තියෙන දිනය මෙන්න
- විපක්ෂයේ සිහින ඇමති සමන්ත බොඳ කරයි !
- රෝහිතගේ දුවයි බෑණටයි අධිකරණයෙන් ලැබුණු තීන්දුව
- කිව්වේ එකක් කරන්නේ තව එකක් සජිත්ගෙන් ආණ්ඩුවට දෝස් මුරයක් !
- මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට