
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්ත සඳහන් කළේ ඊයේ මාධ්‍යම රාත්‍රියෙන් වර්ජනය අවසන් කෙරුණු බවයි. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරින් ඉවත් කිරීමට බලධාරීන් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවයි සුමේධ සෝමරත්ත වැඩිදුරටත් පැවසුවේ.














