රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන් අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙක් බවයි ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් සදහන් කලේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී ” ප්ලැටිනම්“ වර්ගයේ දුම්වැටි එක්ලක්ෂ දහනවදාහක් අඩංගු දුම්වැටි කාටූන් 595ක් පොලීසිය විසින් සොයා ගෙන ඇති බව ද පොලිසිය සදහන් කලා.
අදාළ පුද්ගලයින් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 03ක් බැගින් වූ දඩ මුදලක් ගෙවීමට නියෝග කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට













