දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 4 ක් සිදුව තිබෙනවා.
මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක පවුල් 2120 ක් සදහා බලපෑම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 5 ක් තුල පවුල් 41 ක් රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සිදු වූ නායයාමෙන් පුද්ගල මළ සිරුරු 03 ක් සොයාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා.













