පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.
එසේම නේවාසිකාගාරවල සිටින සිසුන් ආරක්ෂිතව සිටින බවද එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරනවා.
අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය මේ වන විට ජලයෙන් යටවී තිබෙනවා.
ඒ අවට පහත් බිම් රැසක් ද ජලයෙන් පිරී ඇති අයුරු දැකගත හැකි බව වාර්තා වනවා.
ඒ අවට සිටින ජනතාවට ප්‍රවේසම් වන ලෙස බලධාරින් දන්වා සිටිනවා.













