කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වර්තමානයේදී රුමේනියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ බලපත්‍ර ලාභී පෞද්ගලික රැකියා නියෝජිතායතන මඟින් සිදු කරනු ලබනවා .
කෙසේ වුව ද, ඉහළ යන ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් වඩාත් සංවිධානාත්මක හා තිරසර බඳවා ගැනීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව දෙපාර්ශ්වය විසින් හඳුනා ගනු ලැබ ඇති හෙයින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ රජය සහ රුමේනියානු රජය අතර කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුනා.













