ඊජිප්තු අරාබි ජනරජයේ කසර් මිසර් පුස්තකාලය වෙත පොත් පරිත්‍යාග කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදු කර තිබෙනවා .
ඒ අනුව එම පොත් තොගය ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා වෙත භාර දී තිබෙනවා.
මහාවංශය, සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය, ත්‍රෛභාෂිතය, විශ්වකෝෂ, අමාවතුර, ධම්මපදය, දීපවංශය, අභිලේඛන සංග්‍රහ, පුරාණ ශ්‍රි ලංකාවේ වාරි කර්මාන්ත සහ ඓතිහාසික කොළඹ කොටුවේ පුරාවිද්‍යාත්මක ස්මාරක ඇතුළු වටිනා ග්‍රන්ථ රැසක් ඊට ඇතුළත්.
මෙම අවස්ථාව සඳහා ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලයේ උපදේශක මොහොමඩ් මාදි ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මිකා විජයසිංහ, අමාත්‍යතුමාගේ මහජන සම්බන්ධීකරණ ලේකම් රුවන් ප්‍රේමවීර, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එල්.වී හෙට්ටිආරච්චි ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වී සිටියා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














