ටී 56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් කන්තලේ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කන්තලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක්මත සූරියපුර, සකලසූරියගොඩවැල්ල ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ ටී 56 ජීව පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් භාරයට ගෙන සූරියපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත අතර සූරියපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










