
පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරදන්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වන කාන්තාවක් අවුරුදු 04ක් සහ 12ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි ළමයෙක් බවයි පොලීසිය පැවසුවේ. මෙම පිරිස සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.














