බුද්ධශාසන සභාවේ ලේකම් ධුරය දරන ලද්දේ අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී නා හිමිපාණන්වහන්සේ විසින්.
රට මුහුණ දුන්නු ජාතික ස්වභාවික ව්‍යසනය නිසා අනතුරට පත් වූ සහ බලපෑමට ලක් වූ බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පිළිබඳ මෙහිදී ප්‍රමුඛ ලෙස අවධානය යොමු කර තිබෙනවා.
රජය විසින් සමස්තයක් ලෙස ලබා දෙන අපදා හානි වන්දිය මුදලට අමතරව බුද්ධශාසන අරමුදල සහ දානපතියන්ගේ මැදිහත්වීමෙන් අරමුදල් සපයා ගනිමින් විහාරස්ථාන වෙත තවදුරටත් සහන සැලසීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර වැඩමකොට සිටි සියලු ස්වාමීන්වහන්සේලාගේ ප්‍රසාදය ඒ සඳහා හිමිවුණා.
එමෙන්ම ජාතික වෙසක් උත්සවය වඩාත් ඵලදායී සහ උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත් මින් පෙර වසරවල දී ඒ සඳහා වැය වූ පරිපාලන වියදම් අවම කර එම මුදල් විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා යෙදවීම සඳහාත් තීරණය කෙරුණා.
දහම් පාසල් අධ්‍යාපනයේ තරගකාරීත්වය අවම කිරීමත් දහම් පාසල් ‘සිසු නිපුණතා’ තරගාවලිය නැවත සමාලෝචනය කිරීමත් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.











