විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරත් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතරත් තරග දෙකයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය පස්වරු 3ට පල්ලෙකැලේ ජාත්‍ය්නතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඉන්දියාවේ අහ්මදාබාද්හිදී රාත්‍රී තරගයක් ලෙසින් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ඊයේ(21) පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි අට වටයේ පළමු තරගය වැස්ස හේතුවෙන් අතහැර දැමීමට සිදුව තිබෙනවා.
නවසීලන්තය සහ පාකිස්ථානය එහිදී තරග වැදීමට නියමිතව තිබූ අතර කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත් වූවා.
කෙසේ වුවත් පැවැති වැසි සහිත තත්ත්වය හේතුවෙන් තරග අතහැර දැමීමටයි සංවිධායකින් තීරණය කළේ.
ඒ අනුව නවසීලන්ත සහ පාකිස්ථාන කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදී තිබෙනවා.














