Author: VNews

ගොවි ජනතාවට මුහුණ පෑමට සිදුවන පොල් වගාවේ ගැටළු ලබන සඳුදා සිට 1916 ට දැනුම් දෙන ලෙස පොල් වගාකිරීමේ මණ්ඩලය පවසනවා.

තව කියවන්​න

පොලිස්පතිවරයෙකු හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස, ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමට අද  රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

තව කියවන්​න

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද උදෑසන පවත්වා ඇති බව වාර්තා වෙයි. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා තිබුණි. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේ දී විශේෂ අවධානය යොමුව තිබූ බව සඳහන් ය.

තව කියවන්​න

පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. 2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අයවැය පරතරයක් පැවති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම වසරේ එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් ලෙස වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

තව කියවන්​න

තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග අපනයනයෙන් මෙම වසරේ මුල් මාස 4 තුළ ඉපයූ ආදායම ඩොලර් මිලියන එක්දහස් එකසිය දහ අටක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පෙර වසරේ එම කාලය හා සැසඳීමේදී ඩොලර් මිලියන 234 ක ඉහළ යාමක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව  ඉදිරිපත් කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල කරනවා යැයි ඊයේ දින ප්‍රකාශ කළ පිරිස් ඊයේ රෑත් අද උදෑසන තම නිවසට පැමිණි බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද මාධ්‍ය වෙත අදහස් පල කරමින්. එහිදී ඔහු පවසා සිටියේ ජනාධිපතිවරණයේදී ජනතාව බලාපොරොත්තුවන්නේ ජාතික වැඩපිලිවෙල ඇති නායකයෙකු මිස මනාප හොයන වැඩපිලිවෙලක් නොවන බවයි.

තව කියවන්​න

ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2019 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුවද, මෙරට පැවති ආර්ථික අර්බුදය මත මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එකී ව්‍යාපෘතිය සඳහාවන මුළු ප්‍රදානය රුපියල් මිලියන 600 දක්වා වැඩි කිරීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළකර තිබෙනවා.

තව කියවන්​න

පොදුජන පෙරමුණේ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. අමාත්‍යවරයාගේ ලිඛිත පැමිණිල්ල ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මාර්ගයෙන් පොලිසියට ලබා දුන් බවයි වාර්තා වන්නේ. ආසන බලමණ්ඩල රැස්වීමක් ඇමතිවරයාට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ සංවිධාන කළ බව කියමින් මෙම පැමිණිල්ල යොමුකර තිබෙනවා.

තව කියවන්​න

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙනවා. නව ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තු සභිකයන් 225ම එකඟතාවය මත සම්මත කළත්, ඇතැමුන් පිටතට පැමිණ ජනතාව නොමඟ යවන අදහස් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක් බව සඳහන් කළ ඒ මහතා, සාම්ප්‍රදායික පටුබෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙස ද ඉල්ලා සිටියා

තව කියවන්​න