- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිත මෙවර ශ්‍රීපාද වන්දනා සමය සඳහා – පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සඳාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දේව පිළිමය හා දේවාභරණ අද පස්වරුවේ සුභ නැකතින් දොරට වැඩම කරවීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිවයි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේ චාරිත්‍රාණුකුල වතාවත් සහ පුද පූජා පැවැත්වීම කටයුතු යොදා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. හෙට අළුයම යෙදෙන සුභ නැකතින් – පැල්මුඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සඳාතුක කරඬුව, සුමන සමන් දේව රන්මුවා පිළිමය…
රජයේ පාසල්වල මේ වසරේ 2022 තුන්වැනි වාරය අද සිට ආරම්භ කෙරෙනවා. තුන්වැනි වාරය අද සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. තුන්වැනි වාරය අතරමඟදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2023 විභාගය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ජනවාරි මාසයේදි පාසල් දරුවන්ට නිවාඩුවක් ලබාදීමට නියමිතයි . අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේදී අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළා . මේ අතර නත්තල වෙනුවෙන් දෙසැම්බර් 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර යළිත් පාසල් ආරම්භ වන්නේ ජනවාරි 2 වැනිදායි. නැවත වරක් අ.පොස උසස්පෙළ විභාගය සඳහා ජනවාරි 20 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර පෙබරවාරි 20 වැනිදා…
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම අද සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා . එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් මෙවර බෙදා හරින බවයි. පසුගියදා ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක තොගය බෙදා හැර ඇතැයි ද කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කලා. දිස්ත්‍රික්ක 25 සඳහා යූරියා මෙට්‍රික් ටොන් 54,000 ක් මේවන විටත් බෙදා හැර ඇති බවත් , එසේම අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා මෙට්‍රික් ටොන් 1000 ක් අද දිනයේ බෙදා හැරි බවත් ඔහු සදහන් කළා. ලක් පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් මඟින් ඉදිරි සතියේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500…
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය වන බව, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙරත් මහතා පවසනවා. දුම්රියේ ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩිවීම, වේගසීමා පැනවීම මත මෙලෙස දුම්රිය කාලසටහන සංශෝධනය වෙනු ඇති. ඉදිරියේදී අනෙකුත් දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රියන් හි අදියර කිහිපයක් යටතේ දුම්රිය ගමන් ගන්නා වේලාව සංශෝධනය කිරීමට නියමිතයි. ඒ අනුව,අද සිට නව කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාකදී දිවයින පුරා දුම්රිය පීළි පැනීම් වාර්තා වුණා. ඒ දුම්රිය මාර්ග පද්දතිය නිසි පරිදි නඩත්තු කිරීම සඳහා වන පීලිවල පවතින දැඩි හිඟය හේතුවෙන්. මෙලෙස මාර්ගවල ඇති දෝශ හේතුවෙන් සිදුවන අනතුරු අවම…
පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වෛද්‍යවරියක් සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ කඩුගන්නාව ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදීයි. කඩුගන්නාව පොලිසිය කියා සිටියේ ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බවයි. වෛද්‍යවරිය සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මියයන විට ඇයගේ වයස අවුරුදු 54ක්. සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.
ඇමෙරිකාවේ උසස් පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ස්මාර්ට් ෆෝන් තහනම් කර තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු අනාවරණ වී ඇත්තේ ස්මාර්ට් ෆෝන් භාවිතය වර්ධනය වීමෙන් සිසුන් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා නොකරන බවයි. කෙසේ වෙතත්, සිසුන් ලෝකයෙන් සම්පූර්ණයෙන්ම විසන්ධි කර නොමැති අතර, සෑම සිසුවෙකුටම සැහැල්ලු දුරකථනයක් ලබා දී තිබෙනවා. මෙම තීරණය හේතුවෙන් සිසුන් අධ්‍යයන කටයුතු සඳහා වැඩි කාලයක් ගතකිරීමට, කලාව තුළින් නිර්මාණශීලී අදහස් ප්‍රකාශ කිරීමට, එකිනෙකා සහ තමා හඳුනාගැනීමට හැකි වන බවයි එරට පාසල් බලධ්රින් සදහන් කරන්නේ .
පොලිස් නිල්ධරිකුට අල්ලස් ලබාදීමට තැත් කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමිතිරිගල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. අදාල ප්ද්ගලයාගේ මිතුරකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්දව ඔහුට නඩු නොපවරන ලෙස ඉල්ලා අදාල පුද්ගලයා විසින් අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් විසිපන්දහසක මුදලක් ලබාදීමට යෑමේදී මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ සැකකරු ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළා
මහජනතාවට හිරිහැර සිදුවන ලෙස පැවැත්වෙන නීතිවිරෝධී උද්ඝෝෂණ මැඩලීම සඳහා පොලිස් බලතල භාවිත කරන බව බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් පවසනවා. පොදු මහජනතාවට හිරිහැර වන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි මහා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. නීතියට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව බලය භාවිත කිරීම අත්‍යවශ්‍ය වන බව ද රීෂි සුනක් කියා සිටිනවා. කෙසේවෙතත් නීත්‍යානුකූල උද්ඝෝෂණ සඳහා බාධාවක් නොමැති බවයි මහා බ්‍රිතාන්‍යය රජය සඳහන් කළේ.
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා . එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් මෙවර බෙදා හරින බවයි. ඊයේ ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක තොගය බෙදා හැර ඇතැයි ද ඔහු සදහන් කළා. දිස්ත්‍රික්ක 25 සඳහා යූරියා මෙට්‍රික් ටොන් 54,000 ක් මේවන විටත් බෙදා හැර ඇති බවත් , එසේම අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා මෙට්‍රික් ටොන් 1000 ක් අද දිනයේ බෙදා හැරි බවත් ජගත් පෙරේරා මහතා කියා සිටියා . මේ අතර පොහොර ලබා දීම සමබන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා ද අදහස් පල කළා
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ජනතාවගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කලේ පානදුර පැවති ආසන සමුළුව අමතමින්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222