- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
කොළඹ වරාය ජාඇල දක්වා දීර්ඝ කිරීමට සැළසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙවනුව කොළඹ නගරයේ අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන්කර තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ලංකා වානිජ මණ්ඩලය විසින් පවත්වන ලද 2022 ආර්ථික සමුලුව අමතමින්. මෙම සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු පවසන්නේ මේ වන තුරු කිසිවෙක් තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම දී නොමැති බවයි. කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවයි. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.
තුන්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වනවා. තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරගය පස්වරු 3 ට ආරම්භ වනු ඇති. මේ අතර තරගාවලියේ දෙවන තරගය කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් අතර අද රාත්‍රි 7.30 ට ආරම්භ වනවා. මෙම තරග දෙකම පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදීයි.
අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය සඳහන් කළේ. මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට දිනයට යෙදෙන උදුවප්පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ වනවා. එය ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය නිමාවට පත් වනවා.
විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන්නේ නම් ලබන වසරේ දී පැය 6 ත් 8 ත් අතර කාලයක් දිනකට විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. දැනට විදුලිය උත්පාදනය සඳහා වැඩි වශයෙන් ඇත්තේ තාප විදුලි බලාගාර බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති අය වැය විවාදයට එක්වෙමින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ සෝලා ව්‍යාපෘතිය හරහා විදුලි අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලබාගත හැකි බවයි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍ය කංචන විජේසේකර මහතා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අදහස්…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් එම අලිමංකඩ සියල්ල අත්පත් කරගෙන සිටීම නිසා බවට කරුණු අනාවරණය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එම සාකච්ඡාවට සහභාගී වූ ගොවි නියෝජිතයින් තම වගාවන් වනඅලීන් විසින් විනාශ කිරීම පිළිබඳවත්, සතුන් විසින් හානි කිරීම නිසා වගා බිම්වලින් නිසි පරිදි ආදායමක් නොලැබෙන බවත් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ වනවිට ප්‍රධාන අලිමංකඩ…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 3 දක්වා බලපැවැත්වෙන පරිදි ධීවරයින් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යළි දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු සිදු නොකරන ලෙසයි. එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත පිරිස කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය අද වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ…
ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු පහත නොදමන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. රුපියල් 10 කින් ඩීසල් ලීටරයක් අඩු කිරීම බස් ගාස්තු පහත දැමීමට ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණවත් නොවන බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ. මීට පෙර රුපියල් 10 කින් ඩීසල් ලීටරයක මිල ඉහළ දැමුණු අවස්ථාවේදීද බස් ගාස්තු ඉහළ නොදැමූ බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ. බස් ගාස්තු සංශෝධනය කිරීමට නම් මිලෙහි වෙනස සියයට 4 ට වඩා වැඩි විය යුතු බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් සිව් දෙනෙකු විසින් සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අදාලවයි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. නීති විරෝධිව දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින් මුදල් ලබාදෙන බව පවසා ප්‍රධාන පෙලේ රෝහලක් තුළදී වකුගඩු ලබාගැනීම සිදුකර මුදල් ලබානොදීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන කජිමාවතත්ත කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු තැරැව් ගාස්තුවට අමතරව වකුගඩුව ලබාදෙන පුද්ගලයාට අනෙක් පාර්ශවය විසින් ලබාදෙන මුදල්වලින් කොටසක් ද වංචා කර ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ අතර ඉන්ද්‍රයන් බද්ද කළ බව කියන පෞද්ගලික රෝහල…
ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ලෝක බැංකුවේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ තුළින් ශ්‍රී ලංකාවට සහනදායි මූල්‍ය පහසුකම් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජිවනෝපාය ආරක්ෂා කිරීමට සහාය ලබාගැනීම වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාගැනීමට ලෝක බැංකුව අනුමත කර ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222