Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුරාධපුර අලිමංකඩ පහක් මිනිසුන් අත්පත් කරගෙන

    අනුරාධපුර අලිමංකඩ පහක් මිනිසුන් අත්පත් කරගෙන

    2022-12-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් එම අලිමංකඩ සියල්ල අත්පත් කරගෙන සිටීම නිසා බවට කරුණු අනාවරණය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    එම සාකච්ඡාවට සහභාගී වූ ගොවි නියෝජිතයින් තම වගාවන් වනඅලීන් විසින් විනාශ කිරීම පිළිබඳවත්, සතුන් විසින් හානි කිරීම නිසා වගා බිම්වලින් නිසි පරිදි ආදායමක් නොලැබෙන බවත් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ මේ වනවිට ප්‍රධාන අලිමංකඩ 16ක් ඇති අතර, එම අලිමංකඩ සියල්ලම මිනිස් ක්‍රියාකාරකම් නිසා වනඅලීන්ට අහිමි වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

    එම නිසා දැනට අලි මිනිස් ගැටුම උග්‍රව පවතින අලිමංකඩ 03ක් ලබන වසරේදී එහි පදිංචි සියලුදෙනා ඉවත් කර, වනඅලීන්ට ගමන් කිරීමට පහසු වන පරිදි නැවත සකස් කරන බව අමාත්‍යවරයා පවසනවා.

    එමෙන්ම 2024 වනවිට ඉතිරි අලිමංකඩ 13ම නිදහස් කර ගැනීමටත්, ඒවා අත්පත් කරගෙන සිටින පුද්ගලයින් හට වන්දි මුදල් සහ පදිංචි වීමට සුදුසු වෙනත් විකල්ප ඉඩම් ලබාදීමටත් සැලසුම් කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05 ඇතුළු අලිමංකඩ 16ම නිදහස් කර ගැනීම මඟින් වනඅලි මිනිස් ගැටුම් 50%කින් අවම කර ගැනීමට හැකි වනු ඇති බවටයි අමාත්‍යවරයා පවසන්නේ.

    මෙම අලිමංකඩ සියල්ලම ආවරණය වන පරිදි වගාබිම්, ව්‍යාපාරික ස්ථාන, ගොඩනැඟිලි ඉදිකිරීම් හා සුළු කර්මාන්තශාලා වැනි නොයෙකුත් ඉදිකිරීම් සිදු කර තිබෙන නිසා වනඅලීන්ට නිදහසේ අලිමංකඩ හරහා ගමන් කිරීමට නොහැකි වී ඇති අතර, එවැනි අවස්ථාවලදී ඔවුන් මිනිසුන්ට හා දේපලවලට පහර දී විනාශ කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  මහ කන්නයේ වී මිලදී ගැනීමට අතිරේකව රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
    Mahinda Amaraweera අනුරාධපුර දිස්ත්‍රික්කය අලිමංකඩ කෘෂිකර්ම අමාත්‍යංශය මහින්ද අමරවීර
    පෙර පුව​තකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත ගාස්තු වැඩි නොකරොත් පැය 6 ක හෝ 8 ක විදුලි කප්පාදුවක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group