Author: VNews

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා සහය ලබාදීමට සූදානම් බව ඒ පිළිබඳ චෝදනා එල්ල වූ බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. අදාළ චෝදනා පදනම් විරහිත බවත් වකුගඩු සම්බන්ධ සැත්කම්ව ලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත ක්‍රියාවලියක් අනුගමනය කෙරෙන බවත් එහි සඳහන්. කෙසේ වෙතත්, වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරුවෙකු දෙසැම්බර් 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

තව කියවන්​න

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලී කෞර් මහත්මිය සහ මෙරට එම ආයතනයේ නියෝජිතයින් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊට සහභාගී වූවා. මෙම සාකච්ඡාවේදී විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් විදුලි ජනන පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

තව කියවන්​න

අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වන විට සැත්කමට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. එමෙන්ම වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පන්දුව මුහුණේ ගැටීමෙන් ඔහුගේ මුඛයේ දත් හතරකට හානි සිදුව ඇති බවයි. අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එල්.පි.එල් තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය අතරතුරදී උඩපන්දුවක් රැක ගැනීමට යාමේදී චාමික කරුණාරත්න එලෙස අනතුරට ලක්ව තිබුණා. මේ අතර 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගය කඩුලු 05 කින් ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය…

තව කියවන්​න

ඇමෙරිකානු හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරැඹූ උතුරු කොරියානු තරුණයින් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දීමට උතුරු කොරියානු රජය පියවර ගෙන ගෙන තිබෙනවා. මෙලෙස මරණ දඬුවම හිමිවී ඇත්තේ වයස අවුරුදු 16 ත් 17 ත් වයසැති නව යොවුන් වියේ පසුවන තරුණයින් දෙදෙනෙකුට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මොවුන් දෙදෙනා උතුරු කොරියාවේ රයැන්ජියැන් පළාතේ නගරයක පාසල් සිසුන් වන අතර, ඔවුන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නරඹා ඇත්තේ පාසලේ දී බවයි වාර්තා වන්නේ. මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇත්තේ හමුදාවේ මැදිහත් වීමෙන් වන අතර එම තරුණයින් දෙදෙනාගේ පවුලේ සාමාජිකයින් ඉදිරියේ දී ඔවුන්ට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හොලිවුඩ්…

තව කියවන්​න

එකොළොස් වයසැති සහෝදරයා විසින් වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුද දෙකක් පමණ වසයැති ඔහුගේ නැගනියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා. පස්යාල, දෙමටදෙණිකන්දේ දැරියක මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්. වායු රයිෆල් උණ්ඩයේ කොටසක් දැරියගේ උගුරු පසා කර ගෙන ගොස් ඇතැයි ද, මේ වන විට දැරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර බවද වාර්තා වනවා. සිය වැඩිමහල් සහෝදරයා වායු රයිෆලයෙන් බිත්තියට තැබූ උණ්ඩයක කැබැල්ලක් මෙලෙස දැරියට වැදී තිබෙනවා.

තව කියවන්​න

දුම්රිය මගීන්ට අන්තර්ජාලය හරහා දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ඉඩ සලසන නව වැඩපිළිවෙළක් දියත් කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව මෙම වැඩසටහන දුම්රිය මගීන්ට මාර්ග තුනකින් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ඉඩ සළසා දෙනු ඇති. ඒ පෙර ගෙවුම් කාඩ්පත්, ස්වයං සේවා ටිකට් පත් යන්ත්‍ර සහ මාර්ග ගත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මගින්. චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2023 වසරේ මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

තව කියවන්​න

මෙරට නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී සියයට 5.8 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1804 ක් ලෙසයි. මෙරට නිල සංචිත වත්කම් පසුගිය ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1705 ක්ව පැවතුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ චීන මහජන බැංකුවෙන් ස්වැප් හෙවත් විනිමය හුවමාරු ක්‍රමයට ලබාගත් සීමිත ඩොලර් බිලියන 1.4 ක්ද ඊට ඇතුළත් වන බවයි. එහි ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද ඔක්තෝබර් මාසයේ පැවති ඩොලර් මිලියන 1610 සිට නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1732 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා…

තව කියවන්​න

මත්ද්‍රව්‍ය උවදුරින් මෙරට පාසල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දීපව්‍යාප්තව අරඹන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මේ අනුව එම වැඩසටහන ලබන වසරේ ජනවාරි මස 02 වනදා සිට ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.

තව කියවන්​න

විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම හේතුවෙන් මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත දීමනා ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත්, පාඩු ලබන ආයතනවල සේවකයින්ට බෝනස් ගෙවිය නොහැකි බවත්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මහජන උපයෝගිතා කොමිසම යහතින් සිටින තාක්කල් කිසිඳු තුන් වන පාර්ශවයක් සඳහා විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව සඳහන් කළ සභාපතිවරයා විදුලි ගාස්තු ඉහළ දමන ලෙස 2017 වසරේ තමන් ඉල්ලීමක් කරන තුරු කිසිවෙකුත් ඉල්ලීමක් නොකළ බැවින් එලෙස ඉල්ලීමක් කර බව කියන ප්‍රකාශ අසත්‍ය බවද ඔහු සඳහන් කළා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

තව කියවන්​න

එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රින්කි සහ පින්කි නමැති එම නිවුන් සොහොයුරියන් දෙදෙනා එක් මනාලයකු හා විවාහවීමේ වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය ජාලා අතර වේගයෙන් සංසරණය වෙමින් පවතින බවයි. නිවුන් සොයුරියන් දෙදෙනා ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායිහි තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක නිරත වන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. මනාලය සංචාරක නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන අතුල් නමැත්තෙකු බවත් ඔහු මෙම නිවුන් සොයුරියන් දෙදෙනාගේ කුඩා කල සිට මිතුරෙක් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. විවාහ උත්සවය දෙසැම්බර් මස දෙවනදා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෝලාපූර් හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා…

තව කියවන්​න