Author: VNews

ආණ්ඩුව ජනතාව මත බදුබර පටවමින් ජනතාව පිඩනයට පත් කරමින් සිටින බව සමගී ජන බලවේගය චෝදනා කරනවා. එම පක්ෂයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ තමන් එම ක්‍රමය දැඩිසේ ප්‍රතික්ෂේප කරන බවයි. බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ පස්වරුවේ පැවති පක්ෂයේ දෙවන සංවත්සරයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාද අදහස් පල කළා .

තව කියවන්​න

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් අද නැවත ආරම්භ කෙරෙනවා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා . පැවති අයපහත් කාලගුණ තත්ත්වය මත පසුගිය සිකුරාදා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කලා . මේ අතර පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරමින් උපකාරක පන්ති පැවැත්වීම ලබන 14 මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ශිෂ්‍යත්ව විභාගය මේ මස 18 වනදා පැවැත්වෙන බැවින් එය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. එදින සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති…

තව කියවන්​න

තැපැල් සේවකයින් මේ වන විට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වනවා. ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩ වර්ජනය ඊයේ පස්වරු 4.00 සිට අද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මකයි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලික අංශයට පැවරීම, යම් යම් සේවා ඉටු කර ගැනීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම, සේවක වරප්‍රසාද කප්පාදුව හා තැපැල් දෙපාර්තමේන්තුව සංවර්ධනයට කටයුතු නොකිරීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි .

තව කියවන්​න

උත්සව සමය තුළ කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකියාව පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, අද ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි . ඒ අනුව උත්සව සමයේ දී කිසිදු ගැටලුවකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා .

තව කියවන්​න

රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් සහ කතෝලික පාසල් හෙට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අයහපත් කාලගුණ තත්ත්වය මත ඉකුත් සිකුරාදා මෙම පාසල් සඳහා නිවාඩු ලබාදෙනු ලැබුවා. හෙට දිනයේ පාසල් පවත්වනවාද යන්න පිලිබඳ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග සාකච්ඡා කර තීරණය කරන බවයි අද්යාපන අමාත්යංශය සඳහන් කර තිබුණේ.

තව කියවන්​න

ලියනොල් මෙසී ප්‍රධාන ආර්ජන්ටිනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා . ඒ, ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය, ගෝල 2 ට 1 ක් ලෙස ජය ගනිමින් . කටාර් හී අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ පැවැති තරගය සඳහා 45,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වී තිබෙනවා. තරගයේ පළමු අර්ධය නිමා වූයේ, ගෝල 1ට 0 ලෙස ආර්ජන්ටිනා කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත් කර දෙමින් . ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ 77 වන විනාඩියේදී ගෝලයක් වාර්තා කළත්, එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුයේ නැහැ . ඒ අනුව ආර්ජන්ටිනාව ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගත්තේ අර්ධ අවසන්…

තව කියවන්​න

ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානයේ විදේශ සංචිත අවදානම් මට්ටමක් දක්වා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පාකිස්තානයේ රාජ්‍ය බැංකුව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 784 කින් පහත වැටී ඇති බවයි. පාකිස්තාන මහ බැංකු වාර්තාවලට අනුව පාකිස්තාන රාජ්‍ය බැංකුව සතු විදේශ විනිමය වත්කම් මෙලෙස වාර්තාගත ලෙස කඩා වැටී ඇත්තේ 2019 වසරේ ජනවාරි මාසයෙන් පසු පළමු වරටයි .

තව කියවන්​න

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා . ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබෙන බව සදහන් . මෙහිදී කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව අමාත්‍යවරුන් ගේ විශේෂ අවධානය යොමු ව තිබෙනවා . එමෙන්ම වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අමාත්‍යවරුන් අතර සාකච්ඡා කෙරුණා . රටෙහි පවතින වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, මෙම ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත් කම පිළිබඳව අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු වූ…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය අද උදෑසන වනවිට ඊයේ දිනයට සාපේක්ෂව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පවතින බව වාර්තා වනවා. අද උදෑසන 8 වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය 123 ක් දක්වා පහළ යාමත් සමග එය යහපත් මට්ටමට වර්ධනය වී ඇති බව සදහන් . ඊයේ එහි අගය දැක්වුණේ 191 ක් ලෙසයි . එමෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පැවසුවේ 101 සිට 150 මට්ටම සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර බවයි. මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා . මේ අතර ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළ යාම හමුවේ රෝග ලක්ෂණ රැසක් මතුවීමේ අවදානම…

තව කියවන්​න

ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව මගින් මේ පිලිබඳ අනාවරණ වුණා . එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයට හිමිව ඇති අතර තෙවැනි ස්ථානය බංග්ලාදේශයට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ සෙක්ස් සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වෙන්නේ උතුරු පළාතෙන් බව සඳහන්. දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය පිළිවෙලින් ඌව පළාතටත් උතුරු මැද පළාතටත් හිමිව ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

තව කියවන්​න