- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: VNews
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා . සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නා . මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව පියවර ගැන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා . ඒ අනුව ලබන ජනවාරී 17 වැනිදා අදාළ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට මෙලෙස නියෝග නිකුත් කර ඇති බව සදහන් .
සමෘද්ධිලාභීන් ඇතුළු රජයේ ආධාර ලබන්නන් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ සමාජ සුබසාධන මණ්ඩලය එක්ව සමීක්ෂණය සිදුකරන බවයි. අදාළ නාමාවලිය සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ, ආධාර ලැබිය යුතු පවුල් මගහැරීම සහ සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් අදාළ මූල්‍ය ආධාරය ලබා ගැනීම ඇතුළු ගැටලු මුල් කරගනිමින් . ඊට අදාළ මූලික ලියාපදිංචිය අවසන් කර ඇතැයි, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා . ඒ අනුව යාවත්කාලීන කරන ලද නව ලේඛනය යටතේ ලියාපදිංච ඇති පවුල් සංඛ්‍යාව තිස් පන් ලක්ෂයක් වනවා .
ගවයින් සහ එළුවන් ඇතුළු සත්ත්වයින් අසාමාන්‍ය ලෙස තවදුරටත් මියයන්නේ නම්, ළඟම පිහිටි පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ, පේරාදෙණිය පශු පර්යේෂණ ආයතනයේදී උතුරු නැගෙනහිර මියගිය සත්වයින්ගේ සාම්පල යොදාගෙන පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි. පසුගිය 08, 09 දෙදින උතුරු – නැගෙනහිර පළාත් වල ස්ථාන රැසක ගවයින් සහ එළුවන් 1000කට අධික ප්‍රමාණයක් මිය යෑමේ සිද්ධීන් වාර්තා වුණා . සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම මරණවලට හේතුව පැවති අධික ශීත කාලගුණය බවට සැක කරන බවයි. මේ අතර, මියගිය සත්වයින්ගේ හිමිකරුවන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීම පිළිබඳව…
මත්පෙති සමඟ කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම ඊයේ සිදු කර ඇති අතර එහිදී මෙම සේවිකාව රුපියල් 2,000ක මත්පෙති 40ක් අලෙවි කර ඇති බවයි පොලිසිය පවසන්නේ. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මෙලෙස මත්පෙති අලෙවි කරන බවයි. මේ අතර, කොකේන් මත්ද්‍රව්‍ය, මත් මිශ්‍ර මුද්දර සහ කුෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් කටුනායක සහ පෞද්ගලික ගුදමක රාජකාරි කරමින් සිටි රේගු පරීක්ෂකවරුන් බවයි වාර්තාවන්නේ. ඇතැම් රේගු නිලධාරීන් වරාය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට…
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල්වල ඇලවීමට හඳුන්වාදුන් ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හරහා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක ආදායමක් අහිමි වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. 2023 වසර සඳහා වන අයවැය තුන්වන වර කියවීමේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ 2017 වසරේ ආරක්ෂක ස්ටිකර් විශේෂාංගය හඳුන්වාදීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් බිලියන 40ක බදු ආදායමක් අහිමි වූ බවයි. වෙළඳපොළට ඇතුළු වන ව්‍යාජ නිෂ්පාදන හඳුනාගැනීම් සඳහා මෙම ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හඳුන්වා දුන්න ද එය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවේ සිටම දූෂණ වංචාවලින් පිරී ගොස් තිබූ බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ. ඒ හරහා මෙම වැඩපිලිවෙල අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන ජාවාරමක් හේතුවෙන් මේ වන විට…
කොළඹ – කුරුණෑගල මාර්ගයේ මැටිකුඹුර ආසන්නයේදී ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුව වූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා . කොළඹ දෙසට ධාවනය වූ බස් රථය අනෙක් බස් රථයට ප්‍රථම ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව සදහන් . අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථ දෙකක් අද අලුයම එලෙස එකිනෙක ගැටී තිබෙනවා . අදාළ අනතුරින් තුවාල ලබා ඇත්තේ, පසුපසින් පැමිණි බස් රථයේ කොන්දොස්තරවරයා හා ඉදිරිපස බසයේ පිටුපස ආසනයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක් . ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා . මේ අතර තඹුත්තේගම ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දෙසැම්බර් මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාාගර ගත කර තිබෙනවා. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාාගර ගත කර සිටි වසත් මුදලිගේ අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙනතුරු වසන්ත මුදලිගේ මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. වසන්ත මුදලිගේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට [Dec 12, 2022 at 11:48] ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා . මෙලෙස රැගෙන එනු ලැබුවේ නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කිරීම සදහායි .…
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි, අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් සහ තුර්කියේ සහ ප්‍රංශයේ නායකයින් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී යුක්රේන ජනපතිවරයා පැවසුවේ, යුක්රේනයේ තත්ත්වය විසඳන ජාත්‍යන්තර සිදුවීම් මාලාවකින් ලබන සතියේ වැදගත් ප්‍රතිඵලය ක් බලාපොරොත්තු වන බවයි. පෙබරවාරි මස අග දී රුසියානු හමුදා ආක්‍රමණය සිදු කලදින සිට සිට යුක්රේන ජනපති සෙලෙන්ස්කි, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබුණාා. එමෙන්ම අමෙරිකාව, යුක්රේනය සඳහා ලබා දූන් ආරක්ෂක සහ මූල්‍ය උපකාර සඳහා අමෙරිකානු ජනාධිපතිට ස්තූති කළ බවත් ජනගහනය ආරක්ෂා කිරීම සඳහා ඵලදායී ගුවන් යානා නාශක ආරක්ෂක පද්ධතියක් ගැන අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ කතා කළ බවත් යුක්රේන ජනපති සෙලෙන්ස්කි විදෙස් මාධ්‍ය…
පාලකයා අධාර්මික වුවහොත් ඇමතිවරු සහ , නිලධාරීන් සියලුම දෙනා අධාර්මික වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ දුෂණය වංචාව නීතිගත වී ඇති බවද උන්වස්හන්සේ සදහන් කළා . පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව ප්‍රකාශ කලේ මහරගම පැවති වැඩසටහනකදී .
දරුණු පිළිකා රෝගීන් සුවපත් කිරීමේ නව සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී තිබෙනවා. මෙම ප්‍රතිකර්මය සිදුවන්නේ වෙනස් කළ ජාන පිළිකා රෝගීන්ගේ සිරුරට ඇතුළු කරමින් බවයි වෛද්‍ය පර්යේෂකන් පවසන්නේ. වෛද්‍ය පර්යේෂකයන් පවසා ඇත්තේ ඔවුන්ගේ මෙම නව ප්‍රතිකර්මය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි . මෙම නව ප්‍රතිකර්මය අත්හදා බැලීමට තෝරා ගැණුනේ 13 හැවිරිදි ඇලීසා නමැති දැරියයි
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222