- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මකභාවයෙන් යුත් බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු මතුව තිබෙනවා. ඒ අනුව ලෝක ආහාර සංවිධානය හරහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ. දිස්ත්‍රික්ක මට්ටමින් හඳුනාගත් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රජය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක අතර පෝෂණ කමිටු බිහි කිරීමටද විශේෂ අවධානය යොමුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ, වත්තල, නාරාහේන්පිට, මට්ටක්කුලිය, කොටහේන, මාළිගාවත්ත සහ වලස්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. ඔවුන් අද බලපිටිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා වන පරිසර හානි තක්සේරු වාර්තාව ලබන මස 15 වැනිදාට ප්‍රථම නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපතිනි නීතීඥ සුදර්ශනී ළහඳපුර මහත්මිය පැවසුවේ තක්සේරු වාර්තාව මේ වන විට සකස් කෙරෙමින් පවතින බවයි. අදාළ වන්දි ලබා ගැනීම සඳහා මෙරට අධිකරණයක නඩුවක් පැවරීම යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණා. කෙසේවෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩුවක් පවරන…
පළමු වන දකුණු ඉන්දීය ප්‍රවීනයන්ගේ විවෘත මළළ ක්‍රීඩා ශුරතා තරගාවලියෙදී පදක්කම් 144 ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා. තරගාවලියේදී රන් පදක්කම් 84 ක් , රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් දිනා ගැනීමටයි ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම සමත් වූයේ. සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී සඳහන් කළේ මෙම තරගාවලිය තුළ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම වැඩි වශයෙන් ධාවන සහ කඩුලු පැන දිවීමේ ඉසව් වලදී කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ බවයි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික ඉතිහාසයේ ප්‍රවීනයන්ගේ කණ්ඩායමක් අත් කර ගත් විශිෂ්ඨතම ජයග්‍රහණය බවද ඔහු පෙන්වා දෙනවා. තරගාවලිය ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ උඩුපි…
යාපනයට ඔබ්බෙන් ජාතන්තර මුහුද සීමාවේදී අනතුරට ලක්ව සිටි මියන්මාර් ජාතිකයන් 149 දෙනෙකු බේරාගෙන තිබෙනවා. ඒ නාවික විශේෂ මෙහෙයුමකින්. මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට මෙරට ධීවට්ර යාත්‍රාවක් විසින් නාවික හමුදාව වෙත දැනුම් දී තිබුනා. ඒ අනුව සහන මෙහෙයුම් සඳහා යාත්‍රා 5ක් යොමු කර තිබුනා. බේරාගත් මියන්මාර ජාතිකයන් පිරිස යාපනය වරාය වෙත ගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළා.
2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි . කටාර් රාජ්‍යයේ ලුසායිල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08.30 ආරම්භ වනවා . මෙම අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ පසුගිය වර ලෝක ශුරයින් වන ප්‍රංශ කණ්ඩායම සහ ආර්ජන්ටිනා කණ්ඩායම අතරයි . කෙසේ වෙතත් ආජන්ටිනා කණ්ඩායම අවසන් වරට පාපන්දු ලෝක ශුරයින් බවට පත්ව ඇත්තේ 1986 වසරේදී වීම විශේෂත්වයක් . තරගාවලියේ ශුරයින් හට ඇමරිකානු ඩොලර් මිලියන 40ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1 600ක මුදල් ත්‍යාගයකින් ලබා දීමටයි නියමිතව ඇත්තේ . එයට අමතරව කිලෝග්‍රෑම් 6කට වැඩි බරකින් යුත් රනින් නිපදවූ පාපන්දු ලෝක කුසලානයද ජයග්‍රාහකයින් හට…
ගැම්බියාවේ ළමා මරණවලට සම්බන්ධ කැස්ස සිරප් හතර සිය පිරිවිතරයන්ට අනුකූල වූ බව ඉන්දියාව ප්‍රකාශ කරනවා. ඉන්දීය රජයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය – සිරප්වලට දොස් පැවරීම පිළිගත නොහැකි බවයි. කෙසේ වෙතත් අවදානම් තත්ත්ව පිළිබඳ අනතුරු ඇඟවීම් තම මුලික කාර්යයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද සිරප් අලෙවිය නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්තෝම්බර් මාසයේදී උපදෙස් ලබා දී තිබුනා. ජුලි මස අගදී ගැම්බියාවේ වෛද්‍ය බලධාරීන් විසින් වයස අවුරුදු පහට අඩු ළමුන් අතර උග්‍ර වකුගඩු ආබාධ ප්‍රවනතාවක් පිලිබඳ අනාවරණ කළා. මෙම තත්වය හමුවේ ළමුන් 70 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි ගැම්බියා…
හැකිනම් බිංගිරිය ආසනයේ විශාල ජනතා සහභාගිත්වයක් සහිතව බල මණ්ඩල රැස්වීමක් පවත්වා පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරනවා . ඔහු මේ බව සදහන් කළේ ඊයේ සමගි ජන බලවේගය පක්ෂයේ බිංගිරිය ආසන සමුළුවට එක් වෙමින් . එහිදී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේ එලෙස විශාල ජන හමුවක් පැවැත්වුවහොත් තමන් ජාතික ජන බලවේගය සමග එක්වන බවයි .
ව්‍යාජ වාහන අංක තහඩු සකස් කරන ස්ථානයක් බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේදී වැටලීමකට ලක් කරමින් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලියාපදිංචි අංක තහඩුවට සමාන ආකාරයෙන් අංක තහඩු නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ . බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත බණ්ඩාරගම පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්. අදාළ ස්ථානයේ තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යනුවෙන් ඉංග්‍රීසි අක්ෂර සඳහන් ස්ටිකර්, ව්‍යාජ ලෙස සැකසූ අංක තහඩු සහ එම ව්‍යාජ අංක තහඩු සකස් කිරීමට යොදා ගන්නා යන්ත්‍ර හා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ…
උත්සව සමයේදී සහල් මිලෙහි ඉහළ යාමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ විදේශ රටවලින් සහල් ආනයනය නතර කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමගයි . එම සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ දැනටමත් වී කිලෝවක මිල රුපියල් 115 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ සහල් ආනයනය නතර කිරීමේ වාසිය ගොවීන්ට හෝ පාරිභෝගික ජනතාවට නොලැබෙන බවයි එම සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222