- කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්
- දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
Author: VNews
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අදින් අවසන් වනවා. මේ අනුව අද සිට සාමාන්‍ය පරිදි ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළා. එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් පසුගියදා අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා. මේ අනුව පසුගිය 13 වනදා සිට අද දක්වා විභාග රාජකාරී ඇතුළු සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත් අද පෙරවරුවේ සිට යළි අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන බව…
කළුතර බස් නැවතුම්පොල අසලදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසනවා. මෙහිදී මියගොස් ඇත්තේ ජී.එච්. තරිදු දර්ෂන නැමති 30 හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය සදහන් කළේ. මිය ගිය පුද්ගලයා, ඝාතනය සිදු කර ඇති තැනැත්තාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇතැයි පොලිසිය පෙන්වා දෙනවා. දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඝාතනය සිදුකළ තැනැත්තා තමා විසින් සඟවාගෙන සිටි තියුණු ආයුධයකින් අනෙක් පුද්ගලයාගේ පපුව සහ ගෙල ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදු කර තිබෙනවා. බරපතල තුවාල ලබා සිටි තුවාලකරු 1990 සුව සැරිය ගිලන් රථයකීන් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස්…
නාවික හමුදාව විසින් මාමුණෙයි මුහුදු තීරයේ දී මියන්මාරයේ සිට නීතිවිරෝධීව යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් සොයා ගෙන තිබෙනවා. එම යාත්‍රාවේ නීති විරෝධීව රැඳී සිටි පිරිස අත්අඩංගුවට ගෙන කන්සකන්තුරේ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ළමුන් සහ කාන්තාවන් ඇතුළු මියන්මාර ජාතිකයින් 105 දෙනෙකු සිටිනවා. සැකකරුවන් අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇමෙරිකාවේ නිව්යොක් ප්‍රාන්තයේ කංසා නිත්‍යානූකූලව විකිණීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කර තිබෙනවා. ඒ අනුව බලපත්‍ර 150ක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. නිව්යොක් ප්‍රාන්තයේ කංසා නීති ගත කර වසරක කාලසීමාවකට පසුවයි මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ. මෙම නීතිගත කිරීම තුළින් ලබන වසරේ මුල් භාගයේ දි කංසා අලෙවියෙන් ඩොලර් බිලියන 1.3ක් අපේක්ෂා කරන බව ද සඳහන්.
වසර 36 කට පසුව පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. කටාර් හි ලුසයිල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී පැනල්ටි පහර 4 ට 2 ක් ලෙස ප්‍රංශය පරදවා ජයග්‍රහණය ලැබීමට ආර්ජන්ටිනාව සමත් වීම විශේෂත්වයක්. තරගයේ නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල දෙක බැගින් රැස් කරගෙන සිටි අතර අතිරේක විනාඩි තිහේදී දෙපිලම තවත් ගෝලය බැගින් රැස් කිරීමට සමත් වීම හේතුවෙන් තරගයේ තීරණය පැනල්ටි පහර මත තීරණය කිරීමට සිදු වුණා. මෙහිදී පැනල්ටි පහර 4 ට 2 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනාව සමත් වුණා. තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන්ගේ අණසකට යටත් කරගත් ආර්ජන්ටිනාව තරගයේ පළමු ගෝලය…
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද පස්වරු 3.30 තෙක් එම නිවේදනය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ . ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශයේ ම පවතීන බවද කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළා . එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ ඉදිරි පැය 24 තුළ දී එය බටහිර දෙසට එනම් නිරිතදිග බෙංගාලබොක්ක දෙසට තවදුරටත් ගමන් කිරීමට ඉඩ ඇති බවයි . ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 පමණ දක්වා වැඩි වියහැකි අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
ඖෂධ වර්ග 370ක් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එරට රජය එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මෙම ඖෂධ වර්ග 370 ලබන මාසයේ මෙරටට ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ . මේ අතර ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 14න් හතක් වසරක කාලයක් සඳහා ප්‍රදානයක් ලෙස පිරිනැමීමට චීන රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග ලයිස්තු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ මහකොමසාරිස් කාර්යාලයට දැනටමත් බාරදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා .
බදු ගෙවන ජනතාව අගය කිරීම හා දැනුවත්කිරීම සඳහා රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එම වැඩසටහන් මාලාවේ පළමු වැන්න මෙ මස 23 වැනි දින කොළඹදී ආරම්භ කරන බව ද ඔහු සදහන් කළා. එහි දී බදු ගෙවන්නන් සමග සංවාදශීලි සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ අදහස් ලබාගෙන සංවාදයක නිරතවන බව යි රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ . මේ අතර ආබාධිතයන් භාවිතා කරන කිහිලිකරු, රෝද පුටු සහ ශ්‍රවණාධාරක ඇතුළු සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබෙනවා. බදු අය කරන…
පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සමබන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මේ අතර පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර ඇතැයි ද අමත්‍යවරයා සදහන් කළා. පළමු අදියරේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් 200 ක් පුහුණු කෙරෙන බව සදහන් . මේ සමබන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අදහස් පල කළා. එමෙන්ම පසුගියදා පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 75 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මකයි. මේ…
රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ වලට සහය පළ කළ බවට ඉරානයේ ප්‍රකට රංගන ශිල්පිනියක වන ටරානේ අලිදොස්ති එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඇය පසුගිය සතියේ විරෝධතා කරුවෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඉරාන බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය හෙළා දකිමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණි. 38 හැවිරිදි අලිදොස්ති, ඔස්කාර් සම්මාන හිමිකරගත් ”ද සේල්ස්මන්” චිත්‍රපටයට ද රංගනයෙන් දායක වු අතර සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222