Author: VNews

අවුරුදු 19න් පහළ බාලිකාවන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධාන කරන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී ඊයේ ආරම්භ කෙරුණා. මෙම තරගාවලිය මුලින් 2021 වසරේ ජනවාරියේදීත් පසුව එම වසරේ දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කළ අතර, එවකට පැවති කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමටයි අයිසීසීය කටයුතු කළේ. සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබා ගත් අතර, අමෙරිකාව එම කලාපයේ එකම කණ්ඩායම බැවින් ඔවුන්ට ද නිතරගයෙන්ම ස්ථානයක් හිමි වුනා. එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය, ඉන්දුනීසියාව සහ රුවන්ඩාව – සුදුසුකම් ලැබීමේ කලාප තරගාවලි ජය…

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි හා අවසන් එක්දින තරගය අද ඉන්දියාවේ තිරුවානාන්තපුරම් හි දී පැවැත්වෙනවා. ඒ දිවා රාත්‍රී තරගයක් ලෙසයි. මෙම එක්දින තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1 .30 ට ආරම්භ කිරීමට නියමිතයි. ඉන්දිය කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් දෙකට බිංදුවක් ලෙස ජය ගෙන අවසන්ව තිබෙනවා . ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරග සංචාරයට 20-20 තරගාවලියක් සහ එක්දින තරගාවලියක් ඇතුළත්. මීට පෙර පැවති 20-20 තරගාවලියද දෙකට එකක් ලෙස ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

තව කියවන්​න

රුසියාව විසන් යුක්රේනයේ මහල් නිවාස ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. නැගෙනහිර ඩිනිප්‍රෝ නගරයේ මහල් නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකුවත් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තට්ටු නවයකින් යුත් ගොඩනැගිල්ල ට එල්ලලා වූ ප්‍රහාරයෙන් දරුවන් 14 දෙනෙකු ඇතුළු 64 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කළා. මේ වන විට ළමුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 37 දෙනෙකු ගොඩනැගිල්ලෙන් මුදාගෙන තිබෙනවා. මාස කිහිපයකින් පසුව රුසියාව එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ. කීව්, කාකීව් සහ ඔඩෙසා ඇතුළු තවත් නගර ගණනාවකට ද මිසයිල ප්‍රහාරවලින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නගර කිහිපයක යටිතල…

තව කියවන්​න

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් ”රී යූනියන්” දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා. ගුවන් මගින් මෙරටට පිටුවහල් කළ අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. පසුගිය දෙසැම්බර් මස 2 වනදා බහුදින ධීවර යාත්‍රාවක් මගින් මීගමුව ප්‍රදේශයෙන් මෙම පිරිස නීතිවිරෝධීව සංක්‍රමණය වී තිබුනා . දෙහිවල ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු විසින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 2 සිට මේ සඳහා මුදල් අය කරගෙන ඇති බවට ද අනාවරණය වී ඇති බව නාවික හමුදාව සදහන් කළා. නීතිවිරෝධීව සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික…

තව කියවන්​න

සීතාවක , අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරෙනවා. කොවිඩ් වසංගතය සමඟින් රටෙහි ආර්ථීක අස්ථාවරත්වය හමුවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නඟා සිටුවීම සඳහා බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සීතාවක ඔඩිසි ලෙසයි නම් කර ඇත්තේ. මේ යටතේ සීතාවක අවිස්සාවේල්ල සංචාරක කලාපයේ පවතින සංචාරක විභාවතාවයන් උපයෝගී කරගනිමින් තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරෙනු ඇති. මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ මුලික පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මකයි. ඒ යටතේ සීතාවක ඔඩිසි දුම්රියේ සමාරම්භක ගමන්වාරය අද ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන්…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ලිපියක් එවා තිබෙනවා . අදාළ ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දීමටයි කටයුතු කලේ . ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදී. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ බව ප්‍රකාශ කළා . ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ .

තව කියවන්​න

අලෙවියට ඇති මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය අලවා නොමැති සහ ව්‍යාජ ස්ටිකර අලවා ඇති බෝතල් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වැටලීම් විශේෂ කණ්ඩායම් යොදවා සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කූඨ ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස ආරක්ෂක ස්ටිකර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරු මත මෙම වැටලීම් ක්‍රියාත්මක බව සඳහන්. ඒ අනුව, තඹුත්තේගම, තලාව, නෙලුබෑව සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී එවැනි ආරක්ෂිත ස්ටිකරය නොමැති මත්පැන් බෝතල් විශාල සංඛ්‍යාවක් සුරාබදු විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියන අප වත්මන් තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට තෛපොංගල් උත්සවය උත්තේජනයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශ්වාස පල කරනවා. අස්වැන්නේ මංගල්‍යය වන තෛපොංගල් උත්සවය කෘෂිකර්මාන්තය සහ ස්වභාවධර්මය සමග බැඳී සාම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවී ජනතාව විසින් සරු අස්වැන්නක් ලබාගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව දක්වනු ලබනවා. ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත් තෛපොංගල් උත්සවය, සාමය, එකමුතුව, දයාව මූලික වූ සාරධර්මයන් මූර්තිමත් කෙරෙන් බව අගමැතිවරයා පෙන්වා දෙනවා. හින්දු සංස්කෘතියේ විශිෂ්ඨත්වය විදහා දක්වන මෙම මංගල්‍යය, ස්වභාවධර්මයට අනුගතව ජීවත්වීමටත්, හින්දු සංස්කෘතිය අනුව අපේක්ෂාවන් ඉටු වන නව වසරක උදාව සනිටුහන් කිරීමෙන්…

තව කියවන්​න

සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ මෙවර තෛපොංගල් දිනය නිමිත්තෙන් සිය සුභ පැතුම් එක් කරමින් . නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට දායක වෙමින් ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට එක්වන ලෙස තමන් සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා එම සුභ පැතුම් පණිවිඩයේ සදහන් කර තිබෙනවා . ජාතික තෛපොන්ගල් උත්සවයට සමගාමිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ උත්සවයක් අද පස්වරුවේ යාපනය ශිවන් නල්ලුර් කෝවිලේදී පැවත් වීමට නියමිතව තිබෙනවා . මෙම අවස්තාව සදහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල…

තව කියවන්​න

අස්වැන්න නෙලීමේ උත්සවය යන අර්ථය ඇති තෛපොංගල් උත්සවය ලෝ වාසි සියලූම හින්දු ජනයා අද සමරනු ලබනවා . තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීමයි මෙම සුර්ය මංගල දිනයේ දී හින්දු භක්තිකයන් සිදු කරනු ලබනේ . ජාතික තයිපොන්ගල් උත්සවය ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය තලවාකැලේ ශ්‍රී කදිරේසන් කෝවිල් පරිශ්‍රයේ දී පැවැත්වෙනවා. අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළා. ඒ අදට යෙදී ඇති තෛපොංගල් දින සැමරුම හේතුවෙන් . මිට අමතරව මෙම උත්සව දිනය නිමිත්තෙන් බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි මත්පැන් හල් අද දිනය තුල වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ…

තව කියවන්​න