Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 19න් පහළ බාලිකා 20යි – 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රීලංකාවට කඩුලු 7ක ජයක්

    19න් පහළ බාලිකා 20යි – 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රීලංකාවට කඩුලු 7ක ජයක්

    2023-01-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අවුරුදු 19න් පහළ බාලිකාවන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධාන කරන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී ඊයේ ආරම්භ කෙරුණා.

    මෙම තරගාවලිය මුලින් 2021 වසරේ ජනවාරියේදීත් පසුව එම වසරේ දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කළ අතර, එවකට පැවති කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමටයි අයිසීසීය කටයුතු කළේ.

    සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබා ගත් අතර, අමෙරිකාව එම කලාපයේ එකම කණ්ඩායම බැවින් ඔවුන්ට ද නිතරගයෙන්ම ස්ථානයක් හිමි වුනා.

    එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය, ඉන්දුනීසියාව සහ රුවන්ඩාව – සුදුසුකම් ලැබීමේ කලාප තරගාවලි ජය ගනිමින් මේ තරගාවලියට එක්ව සිටිනවා.

    රුවන්ඩාව අයිසීසී ලෝක කුසලාන තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර, අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් අතුරින් ඇෆ්ගනිස්තානය මේ තරගාවලියට කණ්ඩායමක් එක් කර නැහැ.

    තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු එරට කාන්තා ඉසව් සඳහා තහංචි පැනවූ අතර, මෙම තරගාවලියට කණ්ඩායමක් එක් නොකිරීම සම්බන්ධයෙන් අයිසීසීය අප්‍රසාදය පළ කලා.

    රටවල් 16ක් එක් වන තරගාවලිය තරග 41කින් සමන්විත වන අතර අවසන් මහා තරගය මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා පිල ඒ කාණ්ඩයට ඇතුළත් වන අතර, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ අමෙරිකාව එම කාණ්ඩයේ තරග වදිනු ලබනවා.

    ඊයේ දිනයේම තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල අමෙරිකාවට එරෙහිව තරග බිමට පිවිසියා.

    පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 96ක් රැස් කළා.

    පිළිතුරු ඉනිමෙදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 19කදී කඩුලු 3කට ලකුණු 100යක් ලබා ගනිමින් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කළා.

    19න් පහළ ශ්‍රීලංකා බාලිකා ක්‍රිකට් කණ්ඩායම හෙට බංග්ලාදේශයට එරෙහිවත්, 18 දා ඔස්ටේ‍රීලියාවට එරෙහිවත් තරග වැදීමට නියමිතයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එක් වන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන්. ශෂිකලා සිරිවර්ධන කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙසයි කටයුතු කරන්නේ.

     

     

    Girls Under 19 and 20 - 20 World Cup
    පෙර පුව​තඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි , අවසන් එක්දින තරගය අද
    ඊළඟ පුව​ත ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතරේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයට

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group