- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: VNews
සිවිල් නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා . ඔහු කියා සිටියේ සිවිල් නියෝජිතයන් තිදෙනා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට ලබන 19 වැනිදා නැවතත් රැස්වීමට නියමිත බවයි . මේ සදහා සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකගතාවයෙන් . පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ විපක්ෂනායකවරයා මේ සදහා යෝජිත නම්වලට එකඟතාව පළ කර නොමැති බවයි . මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් නව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමද ප්‍රමාදවී තිබෙනවා මේ අතර ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීමද…
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනා ඊයේ සිට දින 21ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා . පසුගිය දා අමාත්‍ය මණ්ඩලය විසින් මෙම වසර සඳහා සියයට 66.2 ක ගාස්තු ඉහළ දැමීමක් විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම් සලකා බලා යෝජනා කිරීමටයි කටයුතු කලේ . එම කොමිසන් සභාව දැනුම් දෙන්නේ ගාස්තු සංශෝධනයට අදාළව ගැටලු හෝ බලපෑම් තිබේනම් ඒවා ලිඛිත ව දැනුම් දෙන ලෙසයි . මේ අතර මහජන උපයෝගිතා කොමිසම විසින් අද සහ හෙට දිනවල විදුලි කප්පාදුව සිදු කිරීම සදහා අවසර ලබා දී තිබෙනවා . ඒ අනුව විදුලි බල මණ්ඩලයට , කොමිසම විසින් මෙලෙස විදුලි කප්පාදුව සදහා අවසර ලබා…
බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු අද දිනයේ දී නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙම රැදවියන් නිදහස් කරනු ලබන්නේ යහපත් කල්ක්‍රියාවෙන් සිටිම හේතුවෙන් . අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඔවුන් වැලිකඩල, බදුල්ල, ඇඟුණකොළ පැලැස්ස, වටරැක, අනුරාධපුරල, වීරවිල සහ පල්ලේකැලේ යන බන්ධනාගාර වල සිටි පිරිසක් බවයි මෙම නිදහස් කිරීම අපරාධ වැලැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තිය ප්‍රකාරව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාට පැවරී ඇති බලතල අනුව සිදුකරණ බවද ඔහු සදහන් කළා . ඔවුන් බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සමාජ ගත කෙරෙනු ඇති . පසුගිය වසරේ නොවැම්බර් මස.29 වන දින පැවැති බලපත්‍ර…
ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ඉදිරියේ දී මාර්ග ගත ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . එය මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ අන්තර්ගත පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් සිදුකරන බවයි එම අමාත්‍යංශය සදහන් කලේ . අදාළ ක්‍රියාවලිය කඩිනම්ව හා විධිමත් ව සිදුකිරීම සඳහා දෛනික ව ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ පද්ධතිය යාවත්කාලීන කළ යුතු වනවා . මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගුරුවරුන් විසින් සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවයි . සියලුම රජයේ පාසල්වල ගුරුවරුන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බව ද දන්වා තිබෙනවා . ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියට nemis [fkóia] . moe . gov . lk…
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02 ක කාලයක් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,600 ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙම වැඩසටන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෝගයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිතයි. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිතා කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන්…
දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේනවා. පසුගිය මැයි මස 09 වනදා දේශපාලනඥයින්ගේ නිවාසවලට පහර දී ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබුනා. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කළා. පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුලු 18 දෙනෙකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා. මැයි 9 වනදා නොසන්සුන්තාවයේ දී නිවාස හානි වූ දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් මෙම පෙත්සම…
රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදීගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර තිබෙනවා. රටේ මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන මහ භාණ්ඩාගාරය මේ තීරණය ගෙන ඇති බව සදහන්. මේ අනුව මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් අක් මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන්ට ලිපියකින් දැනුම්දී තිබෙනවා . මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන්ට වෙන වෙනම වැටුප් ගෙවීම සදහා කටයුතු කරන ලෙසයි එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.ඩී.එල් සිල්වා සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න යන මහත්වරුන් ගේ අත්සනින් යුතුව…
පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පවසනවා. මේ අනුව පිරිමි පුද්ගලයින් සම්භාහනය කිරීමට පිරිමි පුද්ගලයිනුත් කාන්තාවන් සම්භාහනය කිරීමට කාන්තාවනුත් වශයෙන් නීති සම්පාදනය කරනු ඇති බවයි ආයුර්වේද කොමසාරිස්වරයා කියා සිටියේ. ඒඩ්ස් ඇතු`ඵ ලිංගාශ්‍රීත රෝග බහුල වශයෙන් සම්භාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. සිය`ඵම සම්භාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර පළපුරුදු වෛද්‍යවරයෙකු ද ඒ සඳහා අනුයුක්ත කිරීම අනිවාර්්‍ය වෙනවා. එමෙන්ම සම්භාහන කටයුතුවල නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තිය දැනුමකින් සහ මනා පුහුණුවකින් හෙබි විය යුතු බවද ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියා.
රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන තීන්දුව පෙබරවරි මස 28 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළා. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ”පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා” රජයේ සේවකයෙකු වශයෙන් අර්ථකථනය කර නොමැති බැවින් ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කර තිබෙනවා. එම මූලික විරෝධතාවට අදාළ ලිඛිත දේශන අද දෙපාර්ශ්වයේ නීතිඥවරුන්…
දඩ මුදල් මගින් 2022 වසරේ දී රුපියල් හැත්තෑ ලක්ෂයක ආදායමක් ඉපයූ බව c ප්‍රකාශ කළා. වනාන්තරවලට සහ වනජීවීන්ට සිදුකරන හානි සඳහා කළ නඩු පැවරීම් මගින් මෙම මුදල උපයා ඇති බව සඳහන්. පසුගිය වසරේ නොවැම්බර් මාසය වනවිට බලපත්‍ර ගාස්තු ඇතු`ඵ අනෙකුත් මාර්ගවලින් වනජීවී දෙපාර්තමේන්තුව උපයා ඇති මුළු ආදායම රුපියල් මිලියන 1,421ක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222