Author: VNews

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය මාසයකින් කල්දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව ගනු ලැබූ තීරණයක් අනුවයි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වූවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ එහිදී මෙම තීරණය ගනු ලැබූ බවයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ මන්ත්‍රීවරුන් විසින් කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබෙනවා.

තව කියවන්​න

විදෙස් ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 6ක් වටිනා විදේශීය මුදල් තොගයක් සොරකම් කර තිබෙනවා. ආරක්ෂක සේප්පුවක රහස් කේතය අවභාවිතා කරමින් මෙම මුදල් තොගය සොරකම් කර ඇතැයි පොලිසිය පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු, ඔහුගේ පුත්‍රයා සහ ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයට ලක් වූවන් වන්දි ඉල්ලා පවරා ඇති නඩු සඳහා හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව කොළඹ දිසා අධිකරණය අද දැනුම් දුන්නා. පාස්කු ප්‍රහාරයක් එල්ල වන බවට තොතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මිනිස් ජීවිත රැසක් විනාශ වූ බවට චෝදනා කරමින් වින්දිතයින් නඩු 108ක් ගොනු කර තිබෙනවා. හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා එම නඩුවල චූදිතයෙකු ලෙස සැලකෙනවා.

තව කියවන්​න

නාම යෝජනා භාරදීම අවසන් වූ පසු පලාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිස ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් අද(18) සිදු කරමින් සහතික වී තිබෙනවා.

තව කියවන්​න

කොළඹ තුරඟ තරඟ පිටියේදී ඊයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමට හේතුව අනාවරණය වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇයගේ වෙනත් සබඳතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක් වූ තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා. එමෙන්ම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම තරුණයා එම විශ්ව විද්‍යාලයේම කලා පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්. අදාළ සිසුවියගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

තව කියවන්​න

තෛපොංගල් දින උත්සවයට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට තම නිවාසවලට පැමිණි වතුකරයේ ජනතාවට ආපසු රැකියා ස්ථාන කරා යාමට හැටන් බස් නැවතුම්පොලින් ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති විමෙන් අද (18) එම ජනතාව බස් නැවතුම්පොලේ දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් දක්නට ලැබුණා. තෛපොංගල් දින උත්සවය සඳහා පසුගිය දින කිහිපය තුල විශාල පිරිසක් හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නල්ලතන්නිය, කොටගල, තලවකැලේ, ආගරපතන සහ ඩයගම යන ප්‍රදේශවල පිහිටි තම පදිංචි ස්ථාන වෙත පැමිණ සිටි අතර, එම පිරිස පෞද්ගලික සහ ලංගම බස් රථ වලින් පැමිණ තිබුණා. තෛපොංගල් දින උත්සවය අවසන් වි එම පිරිස ඊයේ (17) දින සිට ආපසු රැකියා ස්ථාන කරා…

තව කියවන්​න

කොස්ගම සහ වග අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස අද උදැසන පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය හෝමාගම දුම්රිය ස්ථානය දක්වා සීමා වනු ඇති. දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත වන කාලය පිළිබඳ නිශ්චිතලෙස සඳහන් කල නොහැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු සඳහන් කලේ.

තව කියවන්​න

සංචාරකයින් 47,353 දෙනෙකු මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා. එම සංචාරකයින් පිරිස මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. අදාළ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 12,064ක්. කෙසේ වෙතත් මෙම මාසය තුළ සංචාරකයින් 105,000ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත බවයි එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.

තව කියවන්​න

ඒකාබද්ධ සහයෝගීතා අභ්‍යාසයක් ඇමරිකානු නාවික ,මැරීන් බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව සමඟ හෙට සිට ආරම්භ කිරීමට සුදානම් වනවා . ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ මෙම සහයෝගීතා අභ්‍යාසය මේ මස 23 වනදා දක්වා කොළඹ දී සහ ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත බවයි . කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය ක්‍රියාත්මකය වනවා .

තව කියවන්​න

මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා . අදාළ සිද්ධිය සිදු වී ඇත්තේ පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හේතුවෙන් . ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුව ඇති දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති බවත් පොලිසිය සදහන් කළා . ප්‍රදේශවාසීන්ගේ සහායෙ න් සහ මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ .

තව කියවන්​න