Author: VNews

බිත්තරයක් රුපියල් 40 ක මිලකට ලබාදිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. කුකුළු ගොවිපළවල් සඳහා ආනයනය කෙරෙන ඖෂධ සහ ආහාර වර්ගවල බදු ඉවත් කිරීමට රජය කටයුතු කළහොත් එම මිලට බිත්තර ලබාදිය හැකි බවයි එම සංගමය පවසන්නේ. එම සංගමයේ සභාපති නිලේෂ් රූපසිංහ මහතා පවසන්නේ ඩීසල්, පෙට්‍රල්, වී කුඩු, පුන්නක්කු සහ බඩඉරිඟු මිල ද ඉහළ ගොස් ඇති නිසා බිත්තර මිල ද ඉහළ ගොස් ඇති බවයි. මේ තත්ත්වය යටතේ ඇතැමුන් බිත්තර ආනයනයට ක්‍රියා කරන්නේ කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් බවට ද බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරනවා.

තව කියවන්​න

අට වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ දා සිටම කරන්නේ උගුල් අටවන එක බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පුනරුත්ථාපන අධිකාරී පනත සම්බන්ධනේ පාර්ලිමේන්තුවේ අද(18) පැවැත්වෙන විවාදයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස කියා සිටියා. මේ අටවන ජනාධිපති පත් වෙච්චචි දා ඉඳන් උගුල් අටවන්නමයි බලාගෙන හිටියේ… හැමදාම කළේ පත්වෙච්චි දා ඉඳලා උගුල් අටවන එක… මේ පුනරුත්ථාපන පනත කොච්චර පරණයි කියලා විජයදාස රාජපක්ෂ ඇමතිතුමා කිව්වත්… මං එතුමාට නෙවෙයි කියන්නේ… මේක මේ අටවන ජනාධිපතිගේ උගුලක් ඇටෙව්ව… මේකට මම උසාවි ගියා. උසාවි ගිහිල්ලා උසාවියෙන් තීන්දුව හම්බවෙච්චි හින්දා ශ්‍රේෂ්ඨාධිකරණ හරි තීන්දුව දුන්න නිසා…

තව කියවන්​න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීමට යෝජනා කළ සිවිල් නියෝජිතයින් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂා සමරරත්න යන තිදෙනා එහි සිවිල් සාමාජිකයින් ලෙස පත් කර ඇති බව සඳහන්.

තව කියවන්​න

රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරිවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩමක් නීතිවිරෝධී ලෙස පවරා ගැනීමක් සම්බන්ධයෙන් වන නඩු කටයුත්තකට උදව් කිරීම සඳහා මෙලෙස පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහු ඊයේ සවස යාපනය ඉරණමඩු ප්‍රදේශයේ කංකානි හන්දියේදී අත්අඩංගුවට ගත් බව සඳහන්.

තව කියවන්​න

ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට පත්වීමට ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් පත්ව තිබෙනවා. වර්ල්ඩ් ඔෆ් ස්ටැටික්ස් ආයතනය විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද දත්ත අනුව ලොව ධනවත්ම නළුවා ලෙස නම් කර ඇත්තේ ජෙරී සෙයින්ෆෙල්ඩ් ය. ඔහුගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියනයක් වනවා. දෙවන ස්ථානයට පත්ව සිටින්නේ ටේලර් පේරි යි. ඔහුගේ වත්කමද ඩොලර් බිලියනයක් වනවා. ඩොලර් මිලියන 800ක් වත්කමක් ඇති ඩ්වෙන් ජොන්සන් තෙවන ස්ථානයට පත්ව සිටිනවා. සිව්වන ස්ථානයේ පසුවන්නේ අසල්වාසී ඉන්දියාවේ සුපිරි රංගන ශිලියෙකු වන ශාරුක් ඛාන්ය. ඔහුගේ වත්කම ඩොලර් මිලියන 770ක් බවයි වර්ල්ඩ් ඔෆ් ස්ටැටික්ස් පෙන්වා දෙන්නේ. ටොම් කෘෘස් ඩොලර් මිලියන 620ක වත්කමක්ද ජැකී චෑන් ඩොලර් මිලියන 520ක වත්කමකටද උරුමකම්…

තව කියවන්​න

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඒ වෙනුවෙන් සකස් කර ඇති මෘදුකාංගය භාවිතා කොට අයඳුම් කිරීමෙන් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දෙයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැකි බවයි.

තව කියවන්​න

වයස අවුරුදු 19 න් පහල කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් තරගය පස්වරු 01.30 ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ. සමස්ත තරගාවලියේ 17 වන මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනෝනි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති. මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ මුහුණ දෙන අවසන් තරඟය වන අතර තරඟය ජයගතහොත් සුපිරි කණ්ඩායම් හයේ වටයට පිවිසීමට ඔවුන්ට හැකි වනවා.

තව කියවන්​න

වියට්නාමයේ ජනාධිපති සුවාන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ ඔහු පත් කළ නිලධාරීන් බොහෝ දෙනෙකුට දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන්. චෝදනා එල්ල වූ නිලධාරීන් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම කොමියුනිස්ට් පක්ෂය වියට්නාමයේ බලයේ සිටින පක්ෂය වනවා. එරට ජනාධිපතිවරයා තෝරාගනු ලැබීම සිදු කරන්නේ ද කොමියුනිස්ට් පක්ෂය විසින්. කෙසේ වෙතත් සුවාන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මේ වන විට වියට්නාමයේ ජනාධිපති ධූරය පුරප්පාඩුව පවතිනවා.

තව කියවන්​න

විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(18) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඒ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. පස්වරු 2.30ට පමණ පැවැත්වෙන අදාළ පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක අදාළ කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විරෝධතාව පළකර තිබෙනවා.

තව කියවන්​න

රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතියද අර්බුදකාරි සහ අවදානම් සහගත තත්ත්වය පහව ගොස් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් තරඟකාරි විවෘත ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවට ජය ගත හැකි බවද ඔහු සඳහන් කළා. මහා බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය නාලිකා සියල්ල ඒකාබද්ධව විකාශය වූ විශේෂ වැඩසටහනකට සහභාගි වෙමින්.

තව කියවන්​න