Author: VNews

තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ සිද්ධියක් වාර්තා වනවා. නාන කාමරයෙන් බිළිඳකු හඬන ශබ්දයක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර තිබෙනවා. එහි දී සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බවයි මව දැක තිබෙන්නේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන්නේ, තිස්සමහාරාම පොලිසිය මගින් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ .

තව කියවන්​න

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරිව දායක විය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පවසනවා. දෙදෙන නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දිය වීදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති අතර ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ද එක්ව ඇති බව සඳහන්. ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනෙන් ඉවත්ව යාමට ප්‍රථම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.

තව කියවන්​න

මෙම වසරේදී පාසල් දරුවන් හට නිසිකලට පෙළපොත් ලබා දීමට නොහැකිවීමේ දැඩි අවධානමක් ඇති බව පෞද්ගලික මුද්‍රණකරුවන් පවසනවා. හිමිවිය යුතු අත්තිකාරම් සහ අනෙකුත් ගෙවිම් මේ වන තෙක් නිසි පරිදි නොගෙවීම හේතුවෙන් පාසල් පෙළපොත් මුද්‍රණය ඇනහිට ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ අතර පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩරය ලබා ගත් මුද්‍රණකරුවන් ලබා දෙන අත්තිකාරම් මුදල සහ මුද්‍රණය කළ පොත් වෙනුවෙන් ලැබිය යුතු මුදල් අධ්‍යාපනය අමාත්‍යාංශය විසින් මෙතෙක් නොගෙවීම හේතුවෙන් පෙළපොත් මුද්‍රණය අතරමග නැවතිමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ

තව කියවන්​න

ප්‍රවීණ සිනමා න`ඵ රංජන් රාමනායක මහතා සිය අමෙරිකානු සංචාරය නිම කරමින් අද අ`ඵයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර සිටියේ ඔහු අමෙරිකාවේ ප්‍රසංග ගණනාවක් පවත්වමින් එරට සිදු කරන ලද සංචාරයෙන් පසුව උපයා ගත් මුදල්වලින් මෙරට අගහිඟකම් ඇති දරුවන් සඳහා ලැප්ටොප් පරිඝනක තොගයක් මිලදී ගත් බවයි. මීට අමතරව එරට දානපතියන් පිරිසක් මෙරට දරුවන් වෙනුවනේ තවත් පරිඝනක තොගයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළ බවයි ඒ මහතා කියා සිටියේ.

තව කියවන්​න

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලිසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. එමෙන්ම කොළඹ නිදහස් මාවත ද සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි අප වාර්තාකරු කියා සිටියා. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

ලෝකෙම අවධානය යොමුවූ සුපිරි පාපන්දු තරගයක් ඊයේ පැවැත්වුණා. පාපන්දු ලෝකයේ සුපිරි තරු යුගළක් වන රොනල්ඩෝ සහ මෙසී මෙම තරගයේ ප්‍රතිවාදීන් වීම හේතුවෙන් මෙලෙස ලෝකයේම අවධානය එම තරගය වෙත යොමු වුණා. තියුණු තරගයකින් පසුව ගෝල 5ට 4ක් ලෙස රොනල්ඩෝ ප්‍රමුඛ රියාද් සෙශන් කණ්ඩායම පරාජය කරමින් පීඑස්ජී කණ්ඩායම තරගයේ ජය හිමිකරගැනීමට සමත් වීම මෙහි ඇති විශේෂත්වයක්.

තව කියවන්​න

නිදහස් උත්සවය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා පවසනවා. එමෙන්ම නිදහස් උත්සවය, ආගමික කටයුතුවලට මුල්තැන දී සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කළා. 2

තව කියවන්​න

පසුගිය වසර දහයක කාලය තුළ රටේ අපනයනකරුවන් විසින් උපයා ගත් ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදෙස් රටවල්වල තැන්පත් කර ඇති බවත් අදාළ මුදල් රැගෙන ඒම සඳහා නීති සම්පාදනය කළ යුතු බවත් ලංකා බැංකු සේවක සංගමය පවසනවා. එම සංගමයේ ජේ්‍යෂ්ඨ උප සභාපති අනූප ලන්දුල මහතා පවසන්නේ රට තුළ අර්බුදයක් ඇති වූ බවට පෙන්වමින් රට අර්බුදයකට පත් කර ඇති බවයි. මේ හේතුවෙන් රට තුළ අර්බුදයක් ඇති කළ පිරිසගෙන් අදාළ මුදලින් කොටසක් හෝ ලබාගැනීමට කටයුතු කළහොත් පවතින අර්බුදයෙන් ගොඩඒමට හැකි බවයි ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයා පෙන්වා දෙන්නේ. රටේ සිටින වෘත්තිකයන් සහ ජනතාවට අධික ලෙස බදු පැනවීම අසාධාරණ බවයි ලංකා බැංකු සේවක සංගමය වැඩිදුරටත් අවධාරණය…

තව කියවන්​න

ගිය මාස් කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීමේදී රුපියල් බිලියන 16.9ක වංචාවක් සිදුව ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා. මෙම වංචාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම සංවිධානය පවසන්නේ. මේ සඳහා වගඋත්තරකරුවන් ලෙස ඔවුන් නම් කර සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සහ ඇමතිවරයෙකුයි. මේ ඒ පිළිබඳව අදහස් පල කළ ජාතින ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා.

තව කියවන්​න

සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වුණා. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා තරඟ කිරීම සඳහායි. මේ ඒ පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කරුණු දැක්වූ මුජිබර් රහුමාන් මහතා

තව කියවන්​න