Author: VNews

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ථ කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටියද එය කිසිසේත් පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසනවා. කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසිනුයි මේ බව අවධාරණය කළේ. අද කොළඹ පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටින බවත් ඒ පිළිබඳව අධිකරණය විසින් නියෝග කළ පරිදි වින්දිතයින් හට මුදල් ලබා දීමට කටයුතු කරන බවයි. තමන් සතුව එලෙස ලබා දීමට මුදල් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී මුදල් එකතු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ මාර්තු 09 වන දා පැවැත්වෙන මැතිවරණය සඳහා අපේක්ෂකයින් අසූ දහස් හත්සිය විසි දෙනෙකු ඉදිරිපත් වී ඇති බවයි. ලියාපදිංචි දේශපාලන පක්ෂ 80කින් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් ඔවුන් ඉදිරිපත් වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ. මේ අතර පළාත් පාලන කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන් සහභාගි වන රැස්වීමක් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැත් වුණා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව තුළ රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීමට සහ අදාළ ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද එහිදි සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ. එම…

තව කියවන්​න

මෙරට දේශීය ණය බැදුම්කර සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දේශීය ස්වෛරීත්ව බැඳුම්කරු හිමියන් අපේක්ෂාවෙන් සිටින බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා. අමෙරිකානු ඩොලර් බිලියන 70ක් පමණ සමස්ථ ණයවලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් දේශීය බැදුම්කර සතුව පවතින බවටයි එහි සඳහන් වන්නේ. ලක් රජය සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ නිල සාකච්ඡාවලට එළඹීමට පෙර දේශීය බැඳුම්කර පිළිබඳ ස්ථාවරය මෙම විදේශ ආයෝජකයින් අපේක්ෂා කරනු ඇති බවද සඳහන්. එමෙන්ම දේශීය බැදුම්කර කළමනාකරණයේදී තමන්ට ලැබිය යුතු ණය ගෙවීම් අවදානමට ලක් වන්නේ යැයි ස්වෛරීත්ව බැදුම්කර හිමියන්ගේ අදහස වන බවත් බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

බ්‍රසීල හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ඇමෙරිකා සංචාරක වීසා බලපත්‍රයක් සදහා අයදුම්කර තිබෙනවා. බ්‍රසීලයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී විරෝධතා සමග ඔහු සතුව ඇති ඕනෑම ඇමෙරිකා වීසා බලපත්‍රයක් අවලංගු කරන්නැයි එරට රජය ඉල්ලීමක් කර තිබුණා. කෙසේ වෙතත් ඔහු ඇමෙරිකාවේ රැදී සිටීම සදහා තවත් මාස 6 ක වීසා බලපත්‍රයක් සදහා අයැදුම්කර ඇති බව බොල්සනාරෝගේ නීතිඥවරයා සදහන් කළා.

තව කියවන්​න

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ සමාජිකයින් පිරිසක් අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ සිදුකරන නිහඩ විරෝධය වළක්වන නියෝගයක් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අතර එම අවස්ථවේ මෙම නිහඩ විරෝධතාවය පැවැත්වුණා. එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ විරෝධතාකරුවන් ජනතාවට පීඩාවන ආකාරයට කටයුතු කරන්නේ නම් එය වැළැක්වීමට පොලිසිය සතු බලතල ක්‍රියාත්මක කළ හැකි බවයි.

තව කියවන්​න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

තව කියවන්​න

වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී මුදල් ලබා දෙන බවට පවසමින් දිළිදු පුද්ගලයින් මුලා කර වකුගඩු ලබා ගත් බවටයි ඔහුට චෝදනා එල්ල වන්නේ. මේ අතර වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි පළමු සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

තව කියවන්​න

විසි හයදහසකට වඩා වැඩි පිරිසක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව දැනට රාජ්‍ය සේවය තුළ සිටින අයගෙන් එම බඳවා ගැනීම් සිදු කරන බවයි ඔහු පැවසුවේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බන්ධුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා. පසුගිය දින වල පැවති එම කාණ්ඩයේ ලෝක කුසලාන තරගාවලිය තුළ ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පදනම් කරගෙනයි මෙම කණ්ඩායම නම් කර ඇත්තේ. ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහිතව නම් කර ඇති මෙම ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ තරගාවලිය පුරාවට තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ දෙව්මි විහංගා ක්‍රීඩිකාවයි . ඇය අමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති පළමු තරගයේ දී ලකුණු 11 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අනතුරුව පැවති තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව අර්ධ ශතකයක් ද…

තව කියවන්​න

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිටපු කථා නායක දේශබන්ධු කරු ජයසූරිය මහතාට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම සම්මානය පෙබරවාරි මස 03 වන දා ඔහු වෙත පිරිනැමීමට නියමිතයි. මෙම සම්මානය මෙරටදී පුද්ගලයෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය වනවා. දේශබන්ධු කරු ජයසූරිය මහතා විසින් සිදු කරන ලද සේවය ඇගයීම වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

තව කියවන්​න