Author: VNews

2022 වසරේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන ලද වෙළඳපොල වැටලීම්වල දී පවරනු ලැබූ නඩු සඳහා අධිකරණය මගින් දඩ මුදල් ලෙස රුපියල් මිලියන 111 ක් නියම කර තිබෙනවා. පසුගිය වසරේ වැටලීම් 13,980ක් එම අධිකාරිය සිදුකර ඇති අතර, ඉන් අධිකරණ කටයුතු අවසන් වූ නඩු 13,389ක් සඳහායි මෙම දඩ මුදල නියම කර ඇත්තේ. බිස්කට්, ඖෂධ, ළදරු නිෂ්පාදන, ශරීරාලේපන, විදුලි උපකරණ වැනි දෑ සම්බන්ධයෙන් පසුගිය වසරේ වැටලීම්වලින් වැඩි සංඛ්‍යාවක් සිදුකළ බවයි පාරිභෝගික අධිකාරිය නිවේදනය කළේ. 2005 වසරේ සිට අධිකාරිය මේ දක්වා වෙළඳපොල වැටලීම් 290,000ක් පමණ සිදුකර ඇති අතර, ඒ සඳහා අධිකරණය මගින් රුපියල් මිලියන දහසක පමණ දඩ මුදල් නියම කර ඇති බව ද…

තව කියවන්​න

එළඹෙන සතියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ ස්ථාවරය ඉදිරිපත් කරන බව අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා . අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් ප්‍රමුඛ සංඝ සභාව දැනුවත් කිරීමට ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් පිරිසක් ඊයේ පැමිණි අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව සඳහන් කර තිබුණේ . ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් පිරිසක් ඊයේ එලෙස පැමිණ ඇත්තේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළහොත් රටට ඇතිවන බලපෑම පිළිබඳ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව දැනුවත් කිරීමටයි . පසුව එම නියෝජිතයින් පිරිස ගැටඹේ ශ්‍රී…

තව කියවන්​න

උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලි මීටර. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි . මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය අද පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50ත් 60 ත් අතර තද සුළං බලාපොරොත්තුවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා

තව කියවන්​න

එළඹෙන 8 වනදා තම සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්තව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. මෙම ක්‍රියාමාර්ගයට ඔවුන් එළඹීමට තීරණය කර ඇත්තේ නව බදු ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් . ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ඊයේ දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. මේ අතර 2023 වසරේ ජනවාරි පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි කැබිනට් මණ්ඩලය යෝජනා කළ අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට ඊයේ දිනයේදී ඒකමතික තීරණයකට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමේදීයි අදාළ තීරණය ගෙන ඇත්තේ . එහි සියලු සාමාජිකයන් ඒකමතිකව මෙම තීරණය…

තව කියවන්​න

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර 20යි 20 ලීගයේ සම වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ වනිදු හසරංග සමත්ව තිබෙනවා . ඒ, ඊයේ සාජා වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු දවා ගත් කඩුලු තුනත් සමගයි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත්තා. සාජා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී වනිදු හසරංග කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 13 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. ඒ අනුව ඔහු මේ වන විට මෙවර තරගාවලියේ දී තරග 6කදී බිද හෙලා ඇති කඩුලු ගණන 10 ක්.

තව කියවන්​න

විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලංගම පොලීසියට ලද පැමිණිලි 3ක් මත විමර්ශන කිරීමෙන් අනතුරුවයි. තලංගම පොලිස් ස්ථානය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේ වන අතර ඔවුන් වයස අවුරුදු 47 සහ 65 යන වයස් වල පසුවන මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා. එමෙන්ම කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කර ඊයේ දිනයට වසර 3ක් ගතවනවා. මේ අතර කොවිඩ් වසංගතය සංක්‍රාන්ති සමයකට පැමිණ ඇති නමුත් තවමත් එහි අවදානම පහව ගොස් නොමැති බව ද වාර්තා වනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ උපරිම සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් තවදුරටත් පවත්වාගත යුතු බවයි.

තව කියවන්​න

මෙරට අධ්‍යන චාරිකාවකට සහභාගී වීම සදහා ජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා . ඔවුන් මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ හබරණ , දඹුල්ල , මහනුවර , නුවරඑළිය , බෙන්තොට සහ ගාල්ල යන ප්‍රදේශ වල සංචාරයේ නියැලෙමින් මෙම අධ්‍යයන චාරිකාව සිදු කිරීමට නියමිතයි . ජර්මනියේ සිට පැමිණෙන සංචාරකයන්ට නව සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දීම මෙම සංචාරය තුළින් අපේක්ෂා කෙරෙනවා . මෙම පිරිස පිළිගැනීම සදහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සහ මෙම වැඩසටහන සංවිධානය කරන , පාටා ජර්මනි සංචාරක සේවා නියෝජිත ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි…

තව කියවන්​න

ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනා අතර රැඳී සිටි ගෞතම් අදානි බ්ලූම්බර්ග්හි ධනපතින්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. ඒ අදානි සමූහයේ සමාගම්වල කොටස් මිල පහළ යාමත් සමඟයි . එම සමාගමේ කොටස් මිල ගණන් කෘතිම ලෙස හැසිරවීම සහ ගිණුම්කරණ වංචාවන් සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පර්යේෂණ ආයතනයක් විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් පසු අදානි සමූහයේ කොටස් මිල ගණන් මේ වන විට සීඝ්‍ර යෙන් පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ . කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාසයවන විට ගෞතම් අදානිගේ සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 150 ඉක්මවා ගොස් තිබුණා. නමුත් නවතම වාර්තාවලට අනුව ඔවුන් පෙන්වා දෙන්නේ දින තුනක් ඇතුළත අදානි සමූහයේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 34කින්…

තව කියවන්​න

මෙරට අපනයන ඉපැයීම් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 13.1 ක් ඉක්මවා වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා . එය පසුගිය වසරේ දී වාර්තා වූ ඉහළම අගයට වඩා 4.9 % ක වැඩිවීමක් . ඒ අනුව 2021 වසරේ දී මෙරටින් වාර්තා වූ අපනයන ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 12.4 ක් ලෙස දැක්වෙනවා . එම අපනයන භාණ්ඩ අතර රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක් දක්වා 9.5% කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. මේ අතර මහ බැංකුව සඳහන් කරන්නේ 2022 වසරේදී සමස්ත ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 18,291ක් බවයි .…

තව කියවන්​න