- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද අවසර ලබා දී තිබෙනවා. මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා සිය සේවාදායකයා විදේශගත වන බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබුනා. නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී ඇත්තේ,අමාත්‍යවරයාට ඒ සඳහා අවසර හිමි නොවන්නේ නම් රටට අවශ්‍ය ඖෂධ ලබාදීමේ බලවත් ගැටලු පවතින බවයි. එම කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා විදෙස් ගත වීමට අද අවසර ලබා දී තිබෙනවා.
ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා . ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා . එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා . පෙත්සම්කරුවන් කියා සිටින්නේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරත්වය සඳහන් කරමින් චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් නිකුත් කළ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. චීන තානාපතිවරයා තමාට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ. මෙම ව්‍යාජ ලිපිය සකස් කළේ කවුරුන්ද, සහ මෙම ලිපිය සංසරණය කිරීමට මුල් වූ පාර්ශව කවුරුන්ද යන්න සොයා බලන ලෙසයි චීන තානාපතිවරයා ඉල්ලා ඇත්තේ. මෙරට චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලිපියක් මෙන් මෙම ලිපියේ කරුණු අන්තර්ගත වී තිබෙනවා. ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දීමට නොහැකි බවත්, ඇමරිකාව ඇතු`ඵ බටහිර රටවල් ශ්‍රී…
ශිෂ්‍ය මර්දනයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අදාළ විරෝධතාවයට සරසවි සිසුන් විශාල පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ. විරෝධතාවය කිරිබත්ගොඩ දෙසට ගමන් ආරම්භ කිරීමට නුවර පාරට පිවිසීමේදී පොලිසිය මෙලෙස ජල ප්‍රහාරය එල්ල කර තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරු සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය මාර්තු 29 වන දා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි. රාජ්‍ය සේවකයින් අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 17 වන දායි. කෙසේ වෙතත් වයස් අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා. අදාළ පෙත්සම මඟින් ඔවුන් පෙන්වා දී තිබුණේ විශේෂඥ වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ…
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සංවිධානය නව දේශීය බදු පනතේ අහිතකර බලපෑම් පිළිබඳ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. ඒ සඳහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානයට අනුයුක්ත වෘත්තීය සමිති 27ක නියෝජිතයින් ලිපියකට අත්සන් තබා ඇති බව සඳහන්. මෙම ලිපිය හරහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය නව දේශීය ආදායම් පනතේ අහිතකර බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් සඳහන් කර සිටින්නේ මෙම බදු ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කළහොත් එය තිරසාර නොවීම හේතුවෙන් වැඩි බුද්ධි ගලනයක් රට තුළ සිදුවනු ඇති බවයි. රට තුළ පවතින ඉතා ඉහළ උද්ධමනය සහ ඉහළ පොළී අනුපාත හමුවේ වෘත්තිකයින්ගේ මූල්‍ය ස්ථාවරත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත් වී ඇති බවත් වෘත්තීය සමිති සංවිධානය වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.
දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල රෝහලට ආසන්නයේ සිදුවූ අනතුරකින් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් තිබෙනවා. යතුරුපැදියක් මාර්ගයේ පෙරලි ගොස් ලංගම බස් රථයක ගැටීමෙන් මම අනතුර සිදුව ඇති බව සඳහන්. මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත්තේ මැල්සිරිපුර නිරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මවක සහ පුත්‍රයායි. දැඩි ලෙස රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයේ පසුවන සිය බිරිඳ බැලීමට මව සමග කුරුණෑගල ශික්ෂණ රෝහලට යතුරුපැදියෙන් යමින් සිටියදී අදාල පුද්ගලයා මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කලේ. ලංගම බස් රථයේ රියදුරු මේ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල – මාකුඹුර අතර ධාවනය කරන අධිවේගී මාර්ග බස්රථවල ගමන් කිරීම සඳහා හෙට සිට පෙරගෙවුම් කාඩිපත් නිකුත් කරන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කලේ මහජන බැංකුවෙන් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් එම කාඩ්පත් මිලදී ගත හැකි බවයි. එම කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ බැංකු සමඟ ගිවිසුම්වලට එළඹි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ. පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වාදීමේ පලමු අදියර ලෙස අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සඳහා මෙය හදුන්වා දෙන බවයි ඒ මහතා කියා සිටියේ.
2022 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3789ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2021 වසරේදී මෙරටට ලැබී තිබු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5491ක්. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2022 වසරේදී ප්‍රේෂණ 31.0% ක අඩු වීමක් පෙන්නුම් කළත් 2022 වසරේ අග භාගයේදී ප්‍රේෂණ කැපී පෙනන ලෙස යථා තත්ත්වයට පත් වී ඇති බවයි.
විදුලි නිෂ්පාදනය සඳහා අද සිට අමතර ජලය මුදා හැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය දැනුම් දෙනවා. එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසුවේ සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබා දෙන බවයි. විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ජලාශවලින් අමතර ජලය මුදාහරින්නැයි මහජන උපයෝගිතා කොමිසම පසුගිය දා ඉල්ලීමක් කර තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222