Author: VNews

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සදහා මාර්තු මස 09 වැනිදා කැඳවීමට නියමිතයි. ඒ, කොළඹ මහාධිකරණය ඉදිරියේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි. එහිදී විත්තිය ඉල්ලා සිටි ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වමින් අධිකරණය රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි නිකුත් කළා. 2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සිය ජංගම දුරකථන බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ…

තව කියවන්​න

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් පා ගමනක් ආරම්භ කර තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට ඔවුන් ගමන් කරන බවයි වාර්තාවන්නේ. මාස ගනක් ප්‍රමාද කළ මහපොළ ලබාදෙන ලෙසත්, වැඩි කළ නේවාසික ගාස්තු අඩු කරන ලෙස හා නේවාසික පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලා ඔවුන්  මෙම පාගමන ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනය සමග සිය වෙළඳ මෙහෙයුම් නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. අප්‍රේල් මාස ආරම්භයේදී සිය වෙළඳ මෙහෙයුම් නැවත අරඹන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ. පසුගිය කාලය තුලදී තාවකාලිකව නැවත දැමුණු මෙහෙයුම්  චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමගයි යලි ආරම්භ කරනු ලබන්නේ. ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට ෂැංහයි, බිජිං සහ ගුවැන්ෂු දක්වා සතියකට තුන්වතාවක් සිය සේවාවන් ලබා දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

තව කියවන්​න

ප්‍රහාරක ජෙට් යානා කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. යුක්රේන ජනාධිපතිවරයා ඊයේ හදිසි සංචාරයක් සදහා බ්‍රිතාන්‍යයට පැමිණියා. අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා හා ජර්මන් චාන්සලර්වරයා මුණගැසුනු සෙලෙන්ස්කි ප්‍රහාරක ජෙට් යානා ලබාදීම කඩිනම් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා. අද දිනයේ දී යුක්රේන ජනාධිපතිවරයා යුරෝපා සංගමයේ නායකයින් මුණ ගැසීමට ද නියමිත අතර එහි දී ද ප්‍රහාරක ජෙට් යානා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

තව කියවන්​න

සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ 4ක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව, රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල පිළිවෙලින් රුපියල් 164ක් සහ 179ක් ලෙස සටහන් වෙනවා. එමෙන්ම, දේශිය සුදු නාඩු කිලෝග්‍රෑම් එකක් ද රුපියල් 4කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 180ක්. වටානා කිලෝග්‍රෑම් එකක මිල ද රුපියල් 10කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 305ක් ලෙස සටහන් වුණා.

තව කියවන්​න

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුනා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයයි අද සහ හෙට දින පැවැත්වෙන්නේ. සුභ සාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝ සහ රජයේ ව්‍යපස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභා වාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනවා 51ක් ද අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය ලෙස පැමිණෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් හෙලිකොප්ටරයේ සලකුණ ලෙස පැමිණෙන්නේ පැරණි පිරිසම බවයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. මේ සියලු කණ්ඩායම්වලට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය නිවැරදි බව වසර ගණනාවකට පසුව…

තව කියවන්​න

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 2021 මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබූ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු නායකයා වන රෂීඩ් අක්බාර් නිදහස් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශෙහාන් අමරසිංහ මහතා නියෝග කළා. පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත අත්අඩංගුවට පත් රෂීඩ් අක්බාර්ට එරෙහි චෝදනාව වී තිබුණේ, වහබ්වාදය ප්‍රවර්ධනය කිරීමට අදාල කටයුතු කර ඇති බව යි. කෙසේ වෙතත් ඔහුට එරෙහිව සිදුකර තිබෙන විමර්ශන අවසන් බැවින් රෂීඩ් අක්බාර් මුදා හැරීමට විරෝධයක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බැවින් මෙලෙස ඔහුව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා. එමෙන්ම අධිකරණය භාරයේ පැවති රෂීඩ් අක්බාර්ගේ විදෙස් ගමන්…

තව කියවන්​න

දිවයිනේ සියලු තැපැල් කාර්යාලයන් හි අද සිට දින තුනක් කළු තැපැල් විරෝධයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ, රජයේ බදු ප්‍රතිපත්තිය සහ බැංකු පොලි අනුපාතයන්ට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකරන බවයි.

තව කියවන්​න

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළා . ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මහෙස්ත්‍රාත්වරයා මේ බව පැවසුවේ . එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා .

තව කියවන්​න

2023 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තා. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හීදී මෙම තරගය පැවැත් වුණා. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 107 ක්. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 16 ක් රැස් කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 29ක් ලබා ගත්තා . පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදීයි නියමිත ඉලක්කය පසු කළා. හේයිලි මැතිව් ලකුණු 46 යි .

තව කියවන්​න