Author: VNews

සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. මැතිවරණයේ වත්මන් ප්‍රගතිය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ . ඡන්ද මධ්‍යස්ථාන ගැටලු , ග්‍රාම නිලධාරින්ගේ කාර්යභාරය සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කරන බව ඔහු ප්‍රකාශ කලා. මේ අතර, මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් මිලියන 100 ක් ලබාදී ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මැතිවරණය සඳහා මිලියන 770 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ පෙබරවාරී මාසයේ වියදම් සදහා කළ ඉල්ලීමට…

තව කියවන්​න

දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් සංවිධානය කරන “සතුන් සමග සෙනෙහසේ සතිය“ අදින් ආරම්භ වනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සතුන් සඳහා ආදරය කරුණාව ලබා දීමේ අරමුණින් මෙම සතිය ක්‍රියාත්මක කරන බවයි. මෙම සතිය තුළදී සතුන්ට ආහාර ලබාදීමට ද නරඹන්නන්ට අවස්ථාව හිමිවනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සතුන් සමග ඡායාරූප ගැනීමට විශේෂ ස්ථාන ද සකසා ඇති බවයි. මෙම සතිය තුළ දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනිකුත් අනුබද්ධ ආයතන නැරඹීම සඳහා වසරකට කිහිපවතාවක් පැමිණෙන නරඹන්නන් හට විශේෂ සාමාජික කාඩ්පතක් ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

තව කියවන්​න

වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේනවා. අද අලුයම 3.48 පමණ රික්ටර් මාපක ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළා. කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ, භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි. ඊයේ දහවල් කාලයේ බුත්තල, වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශ වල රික්ටර් මාපකයේ ඒකක 3.5 සහ 3ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලන දෙකක් සිදු වුනා. දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව බවට භූ විද්‍යාඥයින් අනාවරණ කර තිබෙනවා. බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම අනුව මෙවැනි භූ කම්පන සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර බුත්තල ප්‍රදේශයේ…

තව කියවන්​න

තුර්කි භූ කම්පනයේ බලපෑමට ලක්වු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ ඒ අතරින් 15 දෙනෙකු සුරක්ෂිතව සිටින බවයි. කෙසේවෙතත් භූ කම්පනයෙන් පසු ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්ව සිටින බවයි තුර්කි තානාපති කාර්යාලය සදහන් කළේ.

තව කියවන්​න

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු ලග තබා ගැනීමේ සිද්ධියකට ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් පළතුරු වෙළදසැලකින් පළතුරු ලබා ගැනීමට මෙම 5000ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී තිබුණා. වෙළදසැලේ හිමිකරු විසින් එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව හදුනාගෙන පොලිසියට දැනුම් තිබෙනවා. ඒ අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තව කියවන්​න

මුල්ලේරියාව ප්‍රදේශයේ විහාරස්ථානයකින් රුපියල් ලක්ෂ 5කට ආසන්න විටිනාකමකින් යුතු පිත්තල භාණ්ඩ සොරා ගැනීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. පිත්තලෙන් නිර්මාණය කරන ලද ශිව දේව පිළිමයක් , කතරගම දේව ප්‍රතිමාවක් සහ කුඩා චෛත්‍යයක අනුරුවන් මොහු විසින් සොරාගෙන ඇති බව පොලිසිය සදහන් කළා. සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙක්. ඔහුව අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ජම්මු කාශ්මීරයේ ලිතියම් නිධියක් සොයාගෙන තිබෙනවා. ඉන්දියාවෙන් ලිතියම් නිධියක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි. ඉන්දීය රජය ප්‍රකාශ කළේ මෙම නිධියේ ලිතියම් ටොන් 05.9ක් පවතින බවයි. ලිතියම් වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ බැටරි නිෂ්පාදනය සදහායි.

තව කියවන්​න

දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර සහ නැගෙනහිර වෙළරබට ප්‍රදේශවට වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම පළාතේ සහ බදුල්ල , රත්නපුර , ගාල්ල , මාතර යන දිස්ත්‍රික්වලට රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද කාලගුණ අනාවැකියේ සදහන්. දිනයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න

තුර්කිය භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ දක්වා මරණ විසිතුන් දහස් හත්සියයක් තහවුරු වී ඇති බවයි. තුර්කිය සහ වයඹ දිග සිරියාවේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම භූ කම්පනය හේතුවෙන් සිදුවු මරණ සංඛ්‍යාව 2011 වසරේ මර්තු මාසයේ ජපානයේ සිදුවු ව්‍යසනය ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීමට චීනය සුදානම් බව චීන තානාපති චී ෂෙන්හොන් පවසනවා. චීන රජයේ නියෝජිතයින් විශාල පිරිසක් ඒ සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානමින් සිටින බවයි චීන තානාපතිවරයා සදහන් කළේ. ලබන මාසයේදී එම චීන නියෝජිත පිරිස දිවයිනට පැමිණෙනු ඇති. මේ අතර චීනය මගින් පරිත්‍යාග කළ ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදීම ඊයේ සිදුකෙරුණා. එම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 04ක් වන අතර මහරගම අපේක්ෂා රෝහලට සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලය එම ඖෂධ ලබා දීමට නියමිතයි.

තව කියවන්​න