Author: VNews

කොටස්වලට වෙන් කරන ලද නීතිවිරෝධී ලෙස පසුගිය කාලය තුළ මෙරටට ආනයනය කරන ලද වාහන කොටස් අද විනාශ කිරීමට නියමිතව තිබෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ඔරුගොඩවත්තේ පිහිටි රේගු බහාලුම් පර්යන්තයේදී සිදුකරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම වාහන කොටස් විනාශ කිරීමන් අනතුරුව අබලි යකඩ ලෙස අලෙවි කර ආදායම් උපයා ගැනීමට අපේක්ෂා කෙරෙයි.

තව කියවන්​න

කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද ඉන්දීය කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ඉන්දීය කාන්තා කණ්ඩායම තරග තුනකට මුහුණ දී ඉන් තරග දෙකක් ජයග්‍රහනය කරමින් බී කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත්වූ අයර්ලන්ත කාන්තා කාණ්ඩායම එම කාණ්ඩයේ අවසාන ස්ථානයේ රුදී සිටිනවා.

තව කියවන්​න

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ හිමිනමක් ඇතුලු පුද්ගලයන් 07දෙනෙකු ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලෙන්බිදුණුවැව පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් හිමිනම හතලිස් හැවිරිදිවියේ පසුවන අතර, උන්වහන්සේ නිට්ටඹුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බවටයි අනාවරණය වී ඇත්තේ. මෙහිදී අත්අඩංගුවට පත් අනෙකුත් සැකකරුවන් අවුරුදු 22ත් 48ත් යන වයස්වල පසුවන ගැටලාව, මෙගොඩවැව, නිට්ටඹුව සහ පස්යාල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලීසිය සදහන් කළා. මෙම සැකකරුවන් අද කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

සමගි ජන බලවේගයේ දැවැන්ත විරෝධතාවයක් අද පැවැත්වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇතුළු කරනා රැසක් මුල් කරගනිමින් මෙම විරෝධතාව ක්‍රියාත්මකයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ අද පස්වරු 2.00ට එම විරෝධතාව පැවැත්වීමට සුදානම් කර ඇති බවයි .

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය කල් යන්නේ නම්, පවතින නීතිය අනුව පළාත් පාලන ආයතන, කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරීමට සිදු වන බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, ජානක වක්කුඹුර මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, මාර්තු 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පළාත් පාලන ආයතන 340 ක මහජන නියෝජිතයින්ගේ නිල කාලය අවසන් වීමට නියමිතිව ඇති බවයි. එහෙත්, අදාළ ආයතනවල මහජන අවශතා පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍යංශයේ නීති අංශයට උපදෙස් දී ඇතැයි අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවා. කෙසේවෙතත් මහජන නියෝජිතයින්ගෙන් තොරව පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සඳහා අමාත්‍යංශයේ එකඟතාවක් නැතැයි ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ…

තව කියවන්​න

මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් අද විවෘත කිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 3ට එම උද්‍යානය විවෘත කෙරන අතර මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ ලබන 23 වනදායි. හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටි අක්කර 27ක භූමියකින් යුතු මෙම විදේශීය පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂි වර්ග 200කට අධික සංඛ්‍යාවකින් යුක්ත වනවා . එමෙන්ම දුර්ලභ විදෙස් පක්ෂින් ද මේ අතර වනවා. හන්තාන ජාත්‍යන්තර කුරුළු උද්‍යානයේ සබාපති නිශාන්ත කොට්ටෙගොඩ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා .

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා. එම පෙත්සම අද එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිත බව සඳහන් . එම පෙත්සම පසුගිය 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබුනා. ඒ හේතුවෙන් අදාළ පෙත්සම ලබන 23 වනදාට පෙර කැඳවන ලෙස ඉල්ලමින් කර්නල්වරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනුකරනු ලැබුවා. එම පසුබිම යටතේ අදාළ පෙත්සම අද දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර…

තව කියවන්​න

අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට සෙසු පාර්ශ්වවලින් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව පෙන්වා දෙමින් අදාළ මෝසම ඉදිරිපත් කරන බවයි. නියමිත දිනට මැතිවරණය පවත්වන බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ අනුව ලබාදුන් ප්‍රතිඥාව, ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජාතික මැතිවරණ අදාළ මෝසම හරහා කරුණු දැක්වීමට නියමිතයි . එමෙන්ම මේ සම්බන්ධයෙන සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අදහස් පල කලා .

තව කියවන්​න

තාවකාලිකව වසා දැමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය, අද සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අද සිට එහි සේවා සැපයීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි. ආරක්ෂක හේතූන් මත, පසුගිය 15 වැනිදා කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමුණා .

තව කියවන්​න

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල 03ක් ඊයේ දිනයේදී දියත් කර ඇති බව ජපාන වෙරළාරක්ෂක බලකාය පැවසූ බවට විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. ඒ අනුව එම බලකාය විසින් ජපාන නෞකා සදහා අවධානයෙන් සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි එම වාර්ථා වල සදහන් වන්නේ. වසරකට අඩු කාලයක් තුලදී දිගුදුර අවි අත්හදා බැලීම් 03ක් සහ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදු කළ බවට උතුරු කොරියාව පෙරේදා දිනයේදී පිළිගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්ථා තුළ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න