Author: VNews

අද දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා කිහිපයක් පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, ඒ සඳහා පොලිස් නිලධාරීන් සුදානමින් සිටින බවයි . එමෙන්ම මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් අදාළ විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ එයට එරෙහිව කටයුතු කරන බව ද පොලිස්…

තව කියවන්​න

හම්බන්තොට නරගාධිපති ගාමිණී ශ්‍රී ආනන්ද මහතාගේ මන්ත්‍රී ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්හිටුවා තිබෙනවා. ඊට අදාළ ලිපිය පොදුජන පෙරමුණේ මහලේකම් වරයා විසින් හම්බන්තොට මැතිවරණ කාර්යාලයට එවා ඇති බවයි වාර්තා වන්නේ. මන්ත්‍රී දුරය අහෝසි කළ බවට ලිපිය මැතිවරණ කාර්යාලය වෙත ලැබී ඇති බවට මැතිවරණ කාර්යාලයෙන් තමා හට දැනුම්දුන් බවත් එහෙත් ඊට අදාළ ගැසට් නිව්දනය මෙතෙක් නිකුත් කර නොමැති හෙයින් තමා තවදුරටත් හම්බන්තොට නගරාධිපතරවාය වශයෙන් රාජකාරී කටයුතුවල නියැලී සිටින බවයි මේ සම්බන්ධයෙන් නගරාධිපති ගාමිණී ශ්‍රී ආනන්ද මහතා පවසන්නේ. එසේම තමාට නිදහසට කරුණු දක්වන ලෙසට දන්වා ඇති බවත් මෙතෙක් නිදහසට කරුණු දැක්වීමක් සිදු නොකළ බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. නගරාධිපති ගාමිණී ශ්‍රී…

තව කියවන්​න

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ මානුෂික ආධාර කාර්යාංශයේ ආසියානු – ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපයේ අධ්‍යක්ෂිකා ස්ටෙෆනි විල්කොක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව තිබෙනවා. ඒ, ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ප්‍රජාවගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බැලීමටයි. ආර්ථික අර්බුදය මගින් ඇති කර තිබෙන අභියෝග ජයගැනීම සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජනපද අරමුදල් සහිත වැඩසටහන් මගින් ඔවුන්ට උපකාර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ඇයගේ මෙම සංචාරයේ තවත් අරමුණක් වනවා .

තව කියවන්​න

මෙරට ආපනශාලා වලින් බෙහෝමයක් මිනිස් පරිභෝජනයට සුදුසු තත්වයේ නොපවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිදු කරන ලද සමීක්ෂණයකට අනුව අනාවරණය වී තිබෙනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ වර්තමානය වන විට ආපනශාලා තුළ ස්ථිර සේවකයින් නොමැති වීමත් කු`ඵබඩුවල මිල ඉහළ යාමත් මීට හේතු වී ඇති බවයි.

තව කියවන්​න

ඊයේ රාත්‍රියේ පැවති විරෝධතා පාගමනකදී අත්අඩංගුවට ගනු ලැබූ කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිව් නමක් සහ එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලයේ පිවිසුම් දොරටුව අසලින් ආරම්භ කළ එම විරෝධතා පා ගමන කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස පැවැත්වෙමින් තිබියදී එය විසුරුවා හැරීමට පොලීසිය ඊයේ රාත්‍රියේ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීමේ වරද යටතේ සැකකාර සිසුන් එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා අවුරුදු 23 ත් 26 ත් යන වයස්වල පසුවන කහදූව, තුම්මෝදර, පිටබැද්දර හා මිරිස්ස යන ප්‍රදේශවල විහාරස්ථානවල වැඩවාසය කරන අතර 23 වන වියේ…

තව කියවන්​න

කිඹුලාවල ප්‍රදේශයේ මාර්ගයේ දෙපස පවත්වාගෙන යන ජංගම වෙළදසැල් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා. කොරෝනා වසංගතයෙන් පසුව ආර්ථික අපහසුතාවලින් පෙලෙන බොහෝ පිරිසක් මෙම ස්ථානයේ සිය අලෙවිසැල් ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම ජනතාව අතර මහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක් බවටද මෙම ස්ථානය පත් වුණා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම ස්ථානයේ වෙළදාම් කිරීමට නීත්‍යානුකුල පියවරක් යටතේ සැලසුම් කර තිබියදි එම ප්‍රදේශ තුළ අනවසර ඉදිකිරීම් පවත්වාගෙන යාම මෙම අලෙවිසැල් ඉවත් කර ගන්නා ලෙස දැනුවත් කිරීමට හේතු වී ඇති බවය රජයේ ප්‍රකාශයෙකු කියා සිටියේ. ඒ අනුව එළඹෙන 24 වනදා වන විට මෙම ජංගම වෙළදසැල් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීම…

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා . ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

තව කියවන්​න

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබෙනවා. තෙල් සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට නව අයක්‍රම යටතේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බැවින් යෝජිත ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව සදහන් . එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව කොටස් කිහිපයකට වෙන්කර පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා. එම ක්‍රියාවලිය හරහා දෙස් විදෙස් ආයෝජකයන්ට ද අවස්ථාව හිමිවනවා .

තව කියවන්​න

ගත වූ වසරක කාලය තුළදී රජය මගින් විදුලි බිල තුන් ගුණයකින් ඉහළ නංවා ඇති බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී 75% කින් වැඩි කරන ලද විදුලි බිල පසුගිදා නැවතත් 66% කින් වැඩි කර ඇති බවයි ඔහු පැවසුවේ. මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 765ක් වනු ඇති බවද පාඨලි චම්පික රණවක මහතා කියා සිටියා.

තව කියවන්​න

මිසයිලයක් අත්හදා බලා පැය 48 ක් ගතවීමටත් පෙර උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. දකුණු කොරියා – ඇමරිකා වාර්ෂික යුද අභ්‍යාසය පැවැත්වෙන අතරතුර මෙම මිසයිලය දියත් කර ඇති බව සඳහන්. එමෙන්ම හඳුනා නොගත් මිසයිලයක් තම නැගෙනහිර මුහුදු සීමාවට පතිත වූ බවට ජපානයද සනාථ කර තිබුණා. උතුරු කොරියාව අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයට ප්‍රතිචාරයක් ලෙස තම වාර්ෂික යුද අභ්‍යාසය නියමිත දිනට පෙර පැවැත්වීමට ඇමරිකාව සහ දකුණු කොරියාව කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න