- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
විදුලි බිල ඉහල දැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත් වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එම සාකච්ඡාව සදහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතු`ඵ ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටියා. එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බවයි. මේ එහිදි අදහස් පළ කළ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්.
ආබාධයකට ලක්ව සිටින නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන් හට මාස 4 ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය, පාකිස්තාන තරග සංචාරය මෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද අහිමි වීමට නියමිතයි. මේ දිනවල එංගලන්තයට එරෙහිව නවසීලන්තයේ දී පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ද ඔහුව පළමුව නම් කර තිබූ නමුත්, පසුව අදාළ පිට කොන්දේ ආබාධය හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
මිනිපේ වම් ඉවුරු ඇල පුනරුත්තාපන ව්‍යාපෘතිය කඩිනම් කර ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මිනිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. වසර 3කට අධික කාලයක් මෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වී තිබුණා. එමෙන්ම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨ සිසුන්ගේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සදහා ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සභාපතිවරුන් සාකච්ඡාවක් සදහා හෙට කොළඹට කැදවා තිබෙනවා. එම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මෙම සාකච්ඡාවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්.
කොළඹ දී සංවිධානය කර තිබූ සමගි ජනබලවේගයේ විරෝධයට පොලිසියෙන් කඳු`ඵ ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා. අද පස්වරුවේ එම විරෝධතා පාගමන මරදානෙන් ආරම්භ කර තිබුණා. පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිවයි සමගි ජන බලවේගය මෙම විරෝධතා පා ගමන ආරම්භ කර තිබුණේ. මේ අතර සමගි ජන බලවේගයේ විරෝධතාව හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත ද සම්පූර්ණයෙන් වසා දැමුණා. එමෙන්ම සමගි ජන බලවේගය විසින් අද දහවල් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා. ඒ, කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට මෙම…
රජයේ මුද්‍රණාලයට යුද හමුදාවේ සහ පොලිසියේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. සමගි ජනබලවේගය විසින් පැවැත් වූ විරෝධතා පාගමන හේතුවෙන් මුද්‍රණාලයේ ආරක්ෂාව තර කර බවයි රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ. එමෙන්ම ප්‍රදේශයේ පොලිස් මුර සංචාර ද ඉහළ දමා තිබෙනවා.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජුනි මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසුවා. මේ අතර දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සදහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 15 වනදා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළා. ඒ අනුව විභාගය සදහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කිරීමේ පහසුකම සලසා තිබෙනවා. කොවිඩ් තත්වය හේතුවෙන් 2021 සහ 2022 වර්ෂවල එම විභාගය පැවැත්වීමට නොහැකි වුණා. ඒ හේතුවෙන් එම වර්ෂවල අයදුම් කළ සියලු දහම් පාසල් ගුරුවරුන්ව 2023 වර්ෂය සදහා නැවත අයදුම්පත් යොමු කළ යුතු බවයි දැනුම් දෙන්නේ.
ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව ජාතික මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. මැතිවරණය පැවැත්වීම සදහා ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් නොමැති වීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විම දුෂ්කර වී ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන්නේ. ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි එම කොමිසම දන්වා ඇත්තේ. මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබෙනවා. මේ අතර පැෆරල් සංවිධානය අද පැවති මාධ්‍ය…
ඉන්දියාව සිය ගුවන් සේවා ක්ෂේත්‍රය වාර්තා ගත අයුරින් ප්‍රසාරණය කිරීමට සුදානම් වනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දියාවේ දේශීය ගුවන් සමාගම් විසින් මේ වනවිටත් ගුවන් යානා 1,100 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇනවුම් කර ඇතැයි බවයි. එයාර් ඉන්දියා සමාගම වසර 17 කට පසුව වැඩිම ගුවන් යානා ඇනවුමක් මෙවර සිදු කර ඇති අතර එම සංඛ්‍යාව 470 ක්. එයාර් බස් වර්ගයේ ගුවන් යානා සහ බෝයිං වර්ගයේ ගුවන් යානා ඊට ඇතුළත්. ඉන්දියාවේ විශාලතම ගුවන් සමාගම වන ඉන්ඩිගෝ සමාගම ද ගුවන් යානා 500 කට ආසන්න සංඛ්‍යාව ඇනවුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාව යනු ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ගුවන් සේවා ක්ෂේත්‍රය හිමි රට ලෙස ප්‍රකට…
සමගි ජන බලවේගය විසින් අද දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට මෙම නියෝගය ලබා දී තිබෙනවා. ඒඅනුව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගයේ සඳහන් .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222