- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
- විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක් – ප්‍රතිභා මහනාමගෙන් ප්‍රකාශයක්
- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
Author: VNews
ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජය හදුන්වා දුන් කෙටුම්පතකට විරෝධය පළ කරමිනුයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. එම කෙටුම්පත හරහා අධිකරණයේ බලය දුර්වල වන බවට උද්ඝෝෂකයින් චෝදනා කරනවා. ඒ හරහා අධිකරණයේ ස්වාධීනත්වය බිද වැටෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ජාඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරියක වන චමාලි පෙරේරා මහත්මිය වෙනුවට එම තනතුරට වෙනත් අයෙකු පත් කිරීම වලක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවටයි පෙත්සම්කාරිය විසින් අදාළ පෙත්සමෙන් දන්වා ඇත්තේ. මේ අනුව අදාළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් එළඹෙන 03 වන දින දක්වා මෙම තහනම නිකුත් කර ඇති බව සදහන්.
ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති තීන්දුවට අනුවයි ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ. 1999 වසරේ සිට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක මණ්ඩලය ජාතික ආරක්ෂාවට අදාල කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබා දීම සිදු කරනු ලබනවා. මේ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධ දේශීය විදේශීය ආර්ථික සහ හමුදා ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ මුලික විධායක ආයතනය වශයෙන් කටයුතු සිදු කරනු ලබන්නේ ද ජාතික ආරක්ෂක මණ්ඩලයයි. මේ සම්බන්ධයෙන් අද පැවති…
රජය විසින් මැතිවරණය කල් දැමීමට එරෙහිව පවත්වනු ලබන සමගි ජනබලවේගයේ ජන රැලිය මේ වන විට කුරුණෑගල වාරියපොල දී පැවැත් වෙනවා. එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ මහජන අයිතින් උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කරන බවයි. මේ අතර ඊයේ පැවති ජනහමුවකදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
බ්‍රසීලයට ඇද හැලෙන අධික වැසි සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සාඕ පාවුලෝ නගරයට ජල ගැලීම්වලින් වැඩිම හානියක් සිදු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. නිවාස රැසක් නායයාම්වලට හසු වී ඇත්තේ එහි සිටි නිවැසියන් ද සමගයි. මේ අතර ගේබි්‍රයෙල් සුලි කුණාටුවෙන් සිදු වූ හානිය සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය පැනවු හදිසි තත්වය තවදුරටත් ක්‍රියාත්මකයි. සුලි කුණාටුව හසුවීමෙන් එරට පුද්ගලයින් 11 දෙනෙකු මිය ගියා. එමෙන්ම තුර්කියේ ඊයේ සිදු වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 680කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. එමෙන්ම පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හටගෙන…
හෙට ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතා දිනය ප්‍රකාශයට පත් කර ඇති බවයි. මේ අතර වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට රැස් වී තිබෙනවා. හෙට දිනය තුළ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට නියමිතව ඇති බැවින් මෙම රැස්වීම පැවැත්වෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට පැවසුවේ.
කිඹුලාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ජංගම ආහාර වෙළදසැල් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේ මෙම වෙළදසැල් ඉවත් කිරීම අසාධාරණ බවයි. කෙසේ වෙතත් එහිදි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම වෙළදසැල් හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මතුව ඇති බවයි. එම ජනතාවට විකල්ප ක්‍රමවේදයක් ලබා දීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසුවා. මේ අතර කිඹුලාවල ජංගම වෙලදසැල් එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් සුදුසු ස්ථානයක් ලබා දීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 2.30ට නාගරික සංවර්ධන අධිකාරියේදී පැවැත්වීමට නියමිතයි.
කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් සේපාල අමරසිංහ මහතාට චෝදනා එල්ලවී තිබුණා. අද නඩුව කැදවු අවස්ථාවේදී සේපාල අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මහානායක හිමිවරුන්ගෙන් සහ බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවයි.
අප්‍රේල් මාසය වන තුරු ප්‍රමාණවත් බොරතෙල් තොග පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාව පැවසුවේ මේ වන විට දිනකට සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන බැරල් 30 000ක් පමණ පිරිපහදු කර නිකුත් කරන බවයි. එමෙන්ම රුපියල් මිලියන 800ක ඉන්ධන තොග ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දෙන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා.
රජයේ මුදල් කාරක සභාව සදහා පත් කෙරුණු මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. රවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන්, හේෂා විතානගේ, මයන්ත දිසානායක සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඒ සදහා පත් කර තිබෙනවා. මේ අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. එහිදි කථානායකවරයා සදහන් කළේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222