- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
විදේශ රට නිෂ්පාදිත ගිණි අවියක් සමග පුද්ගලයෙකු බිංගිරිය, බෙලිවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියට අමතරව සජීවි පතොරම්ද සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 52හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 114 ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. එම ජයත් සමග එංගලන්තය දෙවැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත්තේ ක්‍රීඩා කළ තරග හතරම ජය ගනිමින්. ඊයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 213 ක් රැස් කළා. එය කාන්තා 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණයි. ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 114…
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වීසා මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන හා වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. කිරුළපන ප්‍රදේශයේ ඇළකට දමා තිබියදී ලැප්ටොප් පරිගණකය සොයාගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 63 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි පොලීසිය සදහන් කළේ. සැකකරුවන් පසුගිය 14 වැනිදා රාත්‍රියේ තුංමුල්ලේ පිහිටි වීසා මධ්‍යස්ථානයට ඇතුළු වී මෙම උපරන සොරාගෙන තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.
මිහින්තලේ රජමහා විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුනවැවේ ධම්රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා . ඒ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට එල්ල වන තර්ජන සම්බන්ධයෙන්. තමන්ට සහ ගෝල හිමිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින් තර්ජන එල්ල වන බවයි උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි කර ඇත්තේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව විවිධ විරෝධතා දැක්වීමෙන් අනතුරුව මෙම තර්ජන එල්ල වී ඇති බවද උන්වහන්සේ සදහන් කළා .
ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කළේ ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින් . මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරැන්ගේ හිගය හේතුවෙන් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා . ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරැ 1600 දෙනෙකු තාවකාලික පදනම මත බදවා ගැනීමට…
හබරාදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇතිව තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවේ ඊයේ පැවති මාසික රැස්විම අතරතුර දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ . එහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා විසින් ඔහුගේ මේසය මත සවිකර තිබු මයික්‍රපෝනය ගලවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු පහර දී ඇති බව වාර්තා වනවා . මෙලෙස පහර කා ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි තක්ෂිත රවිෂාන් ගමගේ වන අතර ඔහුට පහර දී ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන චමිල ප්‍රියංග නම් අයෙක්. කෙසේ වෙතත් මේ වන විට පහර කෑ මන්ත්‍රීවරයා ට සිදු වූ තුවාල හේතුවෙන්…
තුර්කි – සිරියා දේශසීමාවේ පෙරේදා ඇති වූ භූකම්පණයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ දක්වා පුද්ගල මරණ 6ක් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල සදහන් වන්නේ. මෙම භූකම්පණය තුර්කි – සිරියා දේශසීමාවේ පෙරේදා ඇතිවූ අතර, එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන තිබුණා. පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනක් වාර්ථා වූ අතර, එම භූකම්පණයෙන් මේ වනවිට පුද්ගලයින් 47,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනව බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සදහන් වන්නේ.
පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා . එලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කර ඇත්තේ වෙනත් පක්ෂ වලට මේ වනවිට සහයෝගය දක්වන ලද පිරිසකගේයි . මෙම තීරණය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගනු ලැබුවා . ඒ අනුව සාමාජිකයන් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී යනු ඇති. මේ අතර මෙරට මැතිවරණ ක්‍රමය ඩිජිටල් කරණය කල යුතු බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැඳවුම්කරු අමන්ද රණසිංහ මහතා පවසනවා . ඔහු මෙම අදහස් පල කලේ කොළඹ මරදාන ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . අදාළ ක්‍රමය ඉන්දියාවේද සාර්ථකව ක්‍රියාත්මක කල බවයි ඔහු වැඩි දුරටත්…
මෙරට වෘත්තිය සමිති විසින් අද සිට කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා . ඒ එළඹෙන 1 වනදා පැවැත්වීමට නියමිත සංකේත වැඩවර්ජනයට සමගාමීවයි . රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් ලබන මාර්තු පලමුවනදා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ඇති . අදාළ ක්‍රියාවලිය සමගාමිව අද දහවල් 12 හේ සිට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වෙනවා. ඒ සදහා සියලු වෘත්තීය සමිති සමග එක්වනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ. වෛද්‍යවරුන් ඇතුලුව විදුලි, ජල, වරාය මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් රැසක් අද දිනයේ…
ඕනෑම මැතිවරණයක් සදහා සිය පක්ෂය සූදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද නෙ`ඵම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුවයි. අද ගල්ගමුවේ පැවති ජන රැලියකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එළඹෙන සියලු මැතිවරණවල ජය හිමි වන්නේ සිය පක්ෂයට පමණක්ම බවයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් ප්‍රකාශ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222