- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධ වෛද්‍ය සංගම් නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට එක්වනු ඇති. ඔවුන් පවසන්නේ බදු ගැටළුවලට සාධාරණ විසදුමක් නොලැබුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි. මේ ඒ පිළිබද අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා. මේ අතර විවිධ වෘත්තියන්ගේ හමුවෙන් පසු සිය වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එහි කැදවුම්කරු රංජන් ජයලාල් මහතා සහ වරාය වෘත්තිය නියෝජිතයින් මෙලෙස අදහස් පලකළා.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා වැඩි ඡන්දයෙන් අද තේරී පත් වුනා. නව වැනි පාර්ලිමේන්තුවේ තෙවෙනි සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතායි. මේ අතර රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක මහතා පත් කිරිම සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදී උණුසුම් කතා බහක් ඇති වුනා. එහිදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් මත හර්ෂද සිල්වා මහතාගේ නම ඉවත් කර මයන්ත දිසානායක මහතාගේ…
දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සාමූහික තීරණයක් ගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරනවා. ඒ අනුව සහන මිලට විදුලිය ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 27වන සඳුදා දිනයේදී එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි සභාපති මාලක වික්‍රමසිංහ මහතා කියා සිටියේ. ලංවිම පාරිභෝගිකයින්ට සමතුලිතව සහ සහන ලබා දෙන වඩා හොඳ ක්‍රමයක් අනුව ගාස්තු ගණනය කිරීමේ ක්‍රමය සංශෝධනය කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. එමෙන්ම 2022 සහ 2021 වසරවලදී නොගෙවූ වාර්ෂික පාරිතෝෂිත මුදල සහ වෛද්‍ය ගෙවීම් ද ඉල්ලා සිටින බවයි ඒ මහතා කියා සිටියේ. එබැවින් වෘත්තීය සමිති 12කට අනුයුක්ත සාමාජිකයින් 6,000කට අධික පිරිසක් සඳුදා…
ශ්‍රී ලංකාව වසර පුරාම සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත්කරමින් සංචාරක ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රෙය් නිරත ව්‍යාපාරිකයන් සමග පැවැති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පසුගිය වසරේ පැවතී අරගල හේතුවෙන් සංචාරක ව්‍යපාරය බිඳ වැටුණු බවයි. මෙම ව්‍යාපාරික හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා හික්කඩුව නගරයේ සංචාරයකද නිරත වුණා. එහිදී ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රදේශවාසීන් හමු වී ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවයි වාර්තා වෙන්නේ.
ඉන්දියාව සමග පැවැත්වෙන තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සදහා ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ නායකයා ලෙස ස්ටීවන් ස්මිත් පත් කර තිබෙනවා. ඒ, නිත්‍ය නායක පැට් කමින්ස් සිය මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් යළි ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යාම හේතුවෙන්. ආබාධ හේතුවෙන් ඩේවිඩ් වෝනර් හා ජොෂ් හේසල්වුඩ් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට ද ඉතිරි ටෙස්ට් තරග දෙකම මේ වන විට අහිමි වී ඇති පසුබිමකයි පැට් කමින්ස් ද තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත්ව ඇත්තේ. කමින්ස් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන නැහැ. ස්ටීවන් ස්මිත් මීට පෙර ටෙස්ට් තරග දෙකකදී ද කමින්ස් වෙනුවට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබුණා. දෙරට අතර…
කාම්භෝජයයේ 11 හැවිරිදි දැරියක් කුරුළු උණ රෝගයෙන් මියගිය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබෙනවා. එම දැරියට ්‍ය5 භ1 කුරුළු උණ වෛරසය වැළඳී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කර සිටියේ. ඇය සතියකට පෙර දැඩි උණ, කැස්ස සහ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙළුණු බව සඳහන්. වසර නවයකට පසු පළමු වරට කාම්බෝජයෙන් වාර්තා වූ පළමු කුරුළු උණ ආසාදිත මරණය මෙය බවයි වාර්තා වන්නේ. කාම්බෝජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම දැරියගේ පියා ද ඇතුළුව තවත් 11 දෙනෙකුට කුරුළු උණ වෛරසය ආසාදනය වී ඇති බවයි. කුරුළු උණ ආසාදනය වී මියගිය එම දැරියගේ ගම අසලින් මියගිය කුරුල්ලන් කිහිප දෙනෙකුගේ සාම්පල නිලධාරීන් විසින් එක් රැස් කර තිබෙනවා.…
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ සහෝදරිය වන දුලන්ජලී ජයකොඩි මහත්මිය, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහු සිදු කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන්. දුලංජලී ජයකොඩි මහත්මියගේ නීතිඥයින් විසින් නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ තම සේවාදායිකාව සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා ව්‍යාජ තොරතුරු සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ඇති බවයි. මෙම චෝදනා සම්බන්ධයෙන් දුලන්ජලී ජයකොඩි මහත්මිය අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බවයි එම ලිපියේ සඳහන් වන්නේ
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරුවන් එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් 62 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුනා. බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති විරෝධතාවය අතරතුරදි ඉසුරුපාය පරිශ්‍රයේ සිව් වෙනි මහලේ සිටි ගුරු මාරු නියෝජිතයින්ට පොලිසිය පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පරිශ්‍රය ඉදිරිපිට ගුරු සංගම් අද විරෝධතාවයක් දක්වනු ලැබුවා. පොලිස් මැර ප්‍රහාරයට…
සත්ත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික භෝගයක් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙරට සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොල වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පෞද්ගලිකව සිදු නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා තණකොල ප්‍රමාණවත් පරිදි නොලැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. එමඟින් මෙරට සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද බාධා මතුව තිබෙනවා. දෛනිකව කිරි එළදෙනුන්ගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය පහත වැටීමට ද එය හේතුවී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
නව රජය බලයට පත් වනවිට හිඟව තිබූ බිල්පත්වලින් 53% ක් පසුගිය මාස 05 තුළ ගෙවා දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 8% ක ඍණ ආර්ථිකයක් පැවති වටපිටාවක පැවති බිල්පත්වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකිවීම ධනාත්මක කරුණක් බවයි. ඉකුත් සැප්තැම්බර් 01 වනදා වනවිට රුපියල් බිලියන 360 ක හිඟ බිල්පත් තිබූ අතර, ඉන් බිලියන 191ක් ගෙවා දැමීමට කටයුතු කල බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222