Author: VNews

සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට ජනතාවට විවෘත වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, ඊ.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ‘වග‘ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බවයි. ආසන 44 බැගින් වූ වායු සමනය කළ මැදිරි 02ක් , මෙහි පවතින බව ඔහු සදහන් කළා. එමෙන්ම ආසන 44 බැගින් වූ සාමාන්‍ය මැදිරි 03ක් හා ආසන 74කින් සමන්විත එක් මැදිරියකින් ඔඩිසි දුම්රිය සමන්විතයි .

තව කියවන්​න

මැතිවරණයක් ලබා ගැනීම සදහා ජනතාව සටන් කල යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කලේ ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව මැතිවණය කල් දමා ඇති බවයි. මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා. මේ අතර ජනාධිපතිවරයා විසින් මැතිවරණය කොල්ල කා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යාපනයේ පවතී ජන හමුවකදී ඔහු මේ බව සදහන් කළා . පළාත් පාලන මැතිවරණය කල් දමන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගෙන් ද ඉල්ලා සිටි බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් නියෝජය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එහි බිත්තර ලක්ෂ 20 ක් අඩංගු බවයි. මෙලෙස ආනයනය කරන බිත්තර, බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගැනීමට මේ වන විට තීරණය කර තිබෙනවා. ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි,අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් ලබා දුන්නා. රටවල් කිහිපයක ව්‍යාප්තවී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කලේ . මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති…

තව කියවන්​න

පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන මස 3 වනදා යළි රැස්වීමට නියමිතයි. එම රැස්වීමෙන් අනතුරුව නැවත මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එදිනම ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ. මේ අතර මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිත පළාත්පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් ඊයේ ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මැතිවරණ කොමිසන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි. මේ අතර පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කරන ලද අතුරු…

තව කියවන්​න

යාපනය සිට වවුනියාව දක්වා ගමන් ගන්නා යාල්රාණී දුම්රියේ ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා. දුම්රියේ ගැටීමෙන් අලිමංකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වු බවයි අප වාර්තාකරු සදහන් කළේ. දින හතරක් තුළ යාල්රාණි දුම්රියේ ගැටීමෙන් අනතුරු 4ක් වාර්තා තිබෙනවා. යාල්රාණී දුම්රිය පමණක් උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් දුම්රිය ගේට්ටු නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ජනතාව චෝදනා කරනවා. මේ පිළිබද අවධානය යොමු කරන ලෙසයි එම ප්‍රදේශයේ ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

යාල වනෝද්‍යානය නැරඹීමට ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතිකයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි. ඊයේ පස්වරුවේ සිටයි ඔහු අතුරුදන්ව ඇත්තේ. කැබ් රථයකින් සිය රියදුරා සමග මොහු යාල වනෝද්‍යානයට පිටත්ව ගොස් තිබුණා. පසුව මැණික් ගග ආසන්නයේදී මැලෙසියානු ජාතිකයා කැබ් රියෙන් බැස ඉදිරියට ගමන්කර තිබෙනවා. ඉන් පසු ඔහු නැවත පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ. කිරින්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ යාල පලටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායම් අතුරුදන් වු විදෙස් සංචාරකයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

ඩොලර් බිලියන දෙකක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දෙන බව අමෙරිකාව පවසනවා. රොකට් පද්ධති සදහා අමතර පතොරම් , අධිතාක්ෂණික රොකට් පද්ධති සහ ඩ්‍රෝන යානා මෙන්ම අධිබලති කාලතුවක්කු සහ උණ්ඩ ද අදාළ පැකේජයට ඇතුලත් වනු ඇති. අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව මේ වන විට අමෙරිකාව විසින් යුක්රේනයට ඩොලර් බිලියන 32කට අධික යුධ ආධාර ලබා දී තිබෙනවා.

තව කියවන්​න

එළඹෙන යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා පැවසුවේ පොහොර ආනයනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි. ඒ සදහා ලෝක කෘෂිකර්ම සංවිධානය සමග එක්ව කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ. පසුගිය යල කන්නය සදහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව ද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ධ චන්දන මුතුහේවගේ මහතා සදහන් කළා.

තව කියවන්​න

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 50000කට ආසන්න වී තිබෙනවා. දෙරටේ බලධාරීන් පවසන්නේ විපතටපත් ජනතාව සදහා නිවාස ලබා දීමේ කටයුතු වේගවත් කර ඇති බවයි භූ කම්පනයෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් අතර ඇති මළ සිරුරු ගොඩ නැගීම තවදුරටත් සිදුකරන බවයි වාර්තා වන්නේ. මේ අතර තුර්කියේ දකුණු දිග හටායි පළාතේ ඊයේ තවත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රභලත්වය රික්ටමාපකාංක 5ක් ලෙසයි සටහන්ව ඇත්තේ. කෙසේවෙතත් මෙයින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

බිත්තර ආනයනය සදහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. බිත්තරයක් සදහා මුදල් අමාත්‍යංශය විසින් රුපියල් පනහක වෙළෙද භාණ්ඩ බද්දයක් අය කර තිබුණා. කෙසේවෙතත් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් එය රුපියල් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සදුදා දිවයිනට ගෙන ඒමට නියමිතයි. ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් පමණ පළමුවරට ආනයනය කිරීමටයි රජය සැලසුම් කර අත්තේ.

තව කියවන්​න