- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: VNews
අන්තර් බන්ධනාගාර මල්ලවපොර තරගාවලියේ ශූරතාව මඩකලපුව බන්ධනාගාරය දිනා ගෙන තිබෙනවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැති තරගාවලියට බන්ධනාගාර 11ක ක්‍රිඩක ක්‍රීඩිකාවන් 98 දෙනෙකු එක්ව සිටියා. මෙහි අනුශූරතාව යාපනය බන්ධනාගාරය විසින් ගත්තා. ප්‍රසාද ලකුණු 09ක් ලබා ගත් මහර බන්ධනාගාරය තරගාවලියේ තුන්වන ස්ථානයට පත්වුණා.
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලායාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා. ඒ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. කෙසේවෙතත් අදාළ සිදුවීම වන අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපල පොලිසියේ කාර්ය භාර්ය නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මෙලෙස පොලිස් අත්අඩංගුවේ සිටියදී පලාගොස් තිබුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අසු අට – අසු නවය කාලයේ සිදු කල විනාශයේ වන්දි ආණ්ඩුවට ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා . හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ . එලෙස සිදු වූ විනාශයන් නැවත යථා තත්වයට පත් කිරීමට සිදු වුයේ එම කාලයෙන් අනතුරුව පැවති ආණ්ඩු වලට බැවින් ඒ සදහා ද විශාල වශයෙන් මුදල් වැය වූ බවද සදහන් කළා .
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබද කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා . කෙසේ වෙතත් මන්ත්‍රීවරයා අදාළ සභාපති දුරයෙන් ඉවත්වන බවට දැනුම්දී ඇති බවයි සමගි ජනබලවේගය ඊයේ ප්‍රකාශ කලේ . මාතර දී මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවා . අදාළ සභාපති ධුරයෙන් ඉවත්වීමට බලපෑම් පැමිණියහොත් මයන්ත දිසානායක මහතා විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. මෙවැනි තත්ත්වයක් තුලයි ඔහු එමගින් ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු…
කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ සත්කාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම අතරයි. කේප්ටවුන්හිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 06.30 ආරම්භ වීමට නියමිතයි. අයි සී සි ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකාණු කණ්ඩායමක් අවසන් මහා තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්. ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවන් ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. අවසන් පුර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට පිවිසුණා.
වී වලට මිලක් නොමැති වීම හේතුවෙන් ගොවියා තවදුරටත් පීඩාවට පත්ව ඇති බව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවීන් පවසනවා . ඔවුන් මේ බව සදහන් කලේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවි සංවිධාන කාර්යාලයේ දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් . මේ එහිදී අදහස් පල කල පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් කීර්ති මහතා
නෙල්ලිගල බස් රථ අනතුරෙන් තුවාල ලැබු සංඛ්‍යාව 46ක් දක්වා ඉහළගොස් තිබෙනවා. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා කිරීමට ගිය පුද්ලයින් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා. වන්දනාකරුවන් රැගත් බස් රථය කන්දකින් පෙරලි යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල වන්දනාවේ ගිය පිරිසක් රැගත් බස් රථයක්. අනතුරෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවු පුද්ගලයින් හයදෙනෙකු මහනුවර මහ රෝහලට අතුළත් කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වන්දනාකරුවන් 48 දෙනෙකු සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6 යි දශම 1 ක ප්‍රබල භූ චලනයක් ජපානයේ සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. මෙම ප්‍රබල භූමිකම්පාව ජපානයේ උතුරු හොකයිඩෝ දූපතේ නැගෙනහිර කොටසේ සිදු වූ බවයි එරට භ්‍යණ රුපවාහිනී නාලිකාව වාර්තා කර ඇත්තේ. මෙයින් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සුනාමි අනතුරු නිවේදනයක් ද නිකුත් කර නොමැති බව වාර්තා වනවා . මේ අතර තුර්කියේ මධ්‍යම ඇනටෝලියා හි නිග්දා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5 දශම 3 ක අගයක් ඇති භූමිකම්පනයක් ඊයේ සිදුවී ඇති බව වාර්තා වනවා . එරට ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් සති දෙකකට පසු මෙම භූ කම්පනය වාර්තා වූ බවයි තුර්කි…
පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ කටුනායක ගුවන් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් . පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කලේ කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි . අදාල සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කල අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබුණා . ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා තිබු බවයි වාර්තා වන්නේ .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබෙනවා. ඒ දිස්ත්‍රික්ක 6ක් සඳහා වැසි සහ ප්‍රබල අකුණු ඇතිවීම සම්බන්ධයෙන් . රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග එලෙස ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා . මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222