- කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්
- දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
Author: VNews
වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද(10) දින දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරත වුණා. ඒ රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත සියයට 6 සිට සියයට 36 දක්වා බදු අය කිරීමේ ක්‍රමය වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරමින්. නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථා ගණනාවකදි වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් විරෝධතා කිහිපයක් ක්‍රියාත්මක කළද රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන් බවටයි ඔවුන් චෝදනා කරන්නේ. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පසුගියදා ජනාධිපතිවරයා හමු වුවද එම සාකච්ඡා ද අසාර්ථක වුණා. අද පැවැත්වෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට හා විරෝධතාවයට එක්ව සිටින වෘත්තිය සමිති සංඛ්‍යාව 40 කට අධිකයි.…
නියමු ව්‍යාපෘතියක් ලෙස සූර්ය බලශක්තිය උපයෝගි කර ගනිමින් ධාවනය කළ හැකි බස්රථ සදහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සදහන්. ඒ අනුව අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ වාණිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මෙය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සිදු කරන ලද ව්‍යාපෘතියක් ලෙසටයි හදුන්වා දී ඇත්තේ. එහිදි බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහා ආරෝපිත විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක බස් රථ ධාවනයට යෙදීම සිදු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.
විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330ක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව මෙගාවොට් 2300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බවයි අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. එමෙන්ම, රාජ්‍ය ආයතනවලින් අනුමැතිය දිය හැකි ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ අනුමැතියන් ලබාදිය නොහැකි ව්‍යාපෘති වෙනුවෙන් දැනට දී ඇති තාවකාලික බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කර තිබෙනවා.
දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදට(01) යෙදී තිබෙනවා. අසූ දශකයේ මුල් භාගයේදී රට් පැවැතී සමාජයීය තත්ත්ව මත පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම, ප්‍රභූ ඝාතන සිදු කිරීම වැනි ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විහේෂ හමුදා පුහුණුව සහිත ඒකකයක අවශ්‍යතාවය දැඩිව මතු විණි. එහෙයින් පළමුව ශ්‍රී ලංකා පොලිසියෙන් තෝරා ගන්නා ලද පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට යුද පුහුණුවකින් පසු SAS හෙවත් විශේෂ ප්‍රහාරක ඒකකය ආරම්භ කෙරුණි. කෙසේ වෙතත් එම නිලධාරීන්ට විහේෂ යුද පුහුණුවක් ලබාදීමට තීරණය කරන ලද්දේ විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘ දිවංගත රවී ජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව 1983 මාර්තු 01 වැනිදායි.…
පකිස්ථාන රජය මුදල් නොමැති බව පැවසුව ද , දින 90 ක් තුළ පළාත් 4 න් 2 ක මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේනවා. 3න් 2ක බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. පාකිස්තාන අගවිනිසුරු උමාර් අටාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අනුව පන්ජාබ් පළාතේ සහ කයිබර් පක්තුන්ක්වා පළාත් දෙකට අදාළවයි.මිලියන 214 ක් වන සමස්ත පකිස්ථාන ජනගහනයෙන් මිලියන 110ක ජනතාවක් ජීවත්වන පන්ජාබය එරට විශාලතම පළාත වනවා. මැතිවරණ කොමිසමේ ඡන්ද කල්තැබීමේ උත්සාහය ද නොතකමින් පකිස්ථාන ජනාධිපති අරීෆ් අල්වි මහතා පසුගිය පෙබරවාරී 21 වනදා අප්‍රේල්…
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.ඒ අනුව ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරිමේදී මෙතෙක් පැවැති රුපියල් 15,000 ක ගාස්තුව රුපියල් 35,000 කින් ඉහළ නංවා ඇති අතර නව ගාස්තුව රුපියල් 50,000 ක් වනවා. ඒ අනුව පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයක බලපත්‍රය කල්ඉකුත් වී පළමු මාසය තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 10,000 ක් ද, බලපත්‍රය කල්ඉකුත් වී දින 31 ත් 90 ත් අතර කාලය සඳහා ප්‍රමාද ගාස්තුව රුපියල් 25,000 ක් ද, ලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ලියාපදිංචිය කල්ඉකුත් වී දින…
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමේ නීතිය අද සිට ක්‍රියාත්මකයි. හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ අද දින සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. හයිලෙවල් මාර්ගය ඔස්සේ ධාවනය වන ඇතැම් බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇතුළු නොකර ධාවනය කිරීම හේතුවෙන් මගී ජනතාවට සහ රියදුරන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවීම සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ලබාදුන් උපදෙස් අනුව අද දින සිට මෙම නව වැඩපිලිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ අවිධිමත් ලෙස බස් රථ…
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි නඩුවකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදාහැර තිබෙනවා. කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කර සිටියේ අදාළ වන්දි නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන කාලය සඳහා වගඋත්තරකාරභාවයෙන් මුදාහැරෙන බවයි. ජනාධිපති මුක්තිය යටතේ නඩු කටයුතු පවරා පවත්වාගෙන යා නොහැකි බවට වූ රට තුළ පවතින නීතියට අනුව මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙත් විනිසුරුවරිය එම නියෝගය මගින් පෙන්වා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුරය අවසන් වූ පසු අධිකරණයේ අවසරය මත එම නඩුවල වගඋත්තරකරු ලෙස යළි නම් කර කඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවසරය පැමිණිල්ලට පවතින බවයි.
පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(01) තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු මස 9 සහ 10 යන දෙදින එම විවාදය පැවැත්වීමට නියමිතයි. දෙදින විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉල්ලා සිටියා. එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් රටේ දැඩි විරෝධයක් පැනනැගී ඇති බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ඇති වීම වැදගත් බවද ඔහු එහිදී කියා සිටියා. මෙම විවාදය සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙසින් පැවැත්වෙනු ඇති. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(01) පස්වරුවේ පැවත්වුණා.
ඉන්දියාව 2023 – 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය හරහා ඇතැම් රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජ ඉහළ දමා තිබෙනවා.විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දියාව සෑමවිටම අසල්වැසියා ප්‍රථමයෙන් යන සංකල්පයට මූලිකත්වය ලබාදෙන බවයි.ඒ අනුව භූතානය, මාලදිවයින හා තවත් රටවල් කිහිපයකට 2023 – 2024 මූල්‍ය වර්ෂයේදී වෙන් කර ඇති ආධාර පැකේජවල වටිනාකම ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.ඒ අනුව භූතානයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව එරට ලබාදෙන ආධාර පැකේජය ඉන්දීය රුපියල් කෝටි 2,266 සිට රුපියල් කෝටි 2,400 දක්වා ඉහළ දමා ඇති බව සදහන්. මාලදිවයිනට ලබාදෙන ආධාර පැකේජය ද ඉන්දීය රුපියල් කෝටි 360 සිට කෝටි 400 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.එමෙන්ම ඉන්දියාව ,ලතින් ඇමරිකානු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222