Author: VNews

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පොදු ව්‍යපාර කමිටුව හෙවත් කොප් කමිටුව නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ. එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත්, අරමුදල් විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබූ අතර, එහිදී විශේෂයෙන් පාලක සභාවේ 209 වැන රැස්වීමේ වලංගුභාවය පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමටද කමිටු සාමාජිකත්වය එකඟ වී තිබුණා.

තව කියවන්​න

සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු තාක්ෂණිකව වඩාත් ශක්තිමත් කළ යුතු බව එහි අධිකාරී උපාලි තිලකරත්න මහතා පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් උපාලි තිලකරත්න මහතා කියා සිටියේ තවත් වසර දෙකක් තුළ පරිපුර්ණ සේවක අර්ථ සාධක අරමුදල් පද්ධතියක් සකස් කරන බවයි. සේවක අර්ථ සාධක අරමුදල වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නව යෝජනා ලබා දෙන්නැයි උපාලි තිලකරත්න මහතා වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් ද කළා.

තව කියවන්​න

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් 24 දෙනෙකු ගෙවුණු මාස දෙක තුළ අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. විදේශ සේවා විශේෂ විමර්ශන අංශයට ලැබී ඇති පැමිණිලි මතයි සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ වසරේ ජනාවාරි මාසයේ දී සැකකරැවන් 13 දෙනෙකු සහ පෙබරවාරී මාසයේ පුද්ගලයින් 11 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ රැකියා කේෂ්ත්‍රයේ නීති විරෝධි කටයුතු වැළැක්වීම සදහා තරාතිරම නොබලා වරදකරැවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ.

තව කියවන්​න

අද දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තිය ක්‍රියාමර්ගයට සහය දැක්වීමක් ලෙස මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක යොමු වන බවයි. ඒ අනුව අද සිට විශ්වවිද්‍යාල අභ්‍යන්තර මෙන්ම සති අන්ත පාඨමාලා අධ්‍යන කටයුතුවලින් ඉවත් වන බවයි ඔහු ප්‍රකාශ කළේ. රජයේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් 09ක් මුල්කර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති 21ක් ඊයේ පැය 24ක වැඩවර්ජනයක නිරත වුණා. තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මෙම වැඩවර්ජනයට සහාය පළකර තිබෙනවා. ඔවුන්ද ලබන 15 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමටයි සැලසුම් කර ඇත්තේ.

තව කියවන්​න

ආනයනික බිත්තර යුද හමුදාවට ලබා දී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කළ පුද්ගලයෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවයා විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ. වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා. අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාවෙන් මෙතක් බිත්තර ආනයනක් සිදුකර නොමැති බවයි. කෙසේවෙතත් ආනයනික බිත්තර යුද හමුදාවට ලබා දී ඇති බවට සිදුකරන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.

තව කියවන්​න

ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් අද දිනයේදී ද රැස්වීමට නියමිතව තිබෙනවා . පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ඊයේ දිනයේදී කාරක සභා කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වු බවයි. අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා 8 හි සභාපතිවරුන් පත් කිරීම පළමු රැස්වීම් වාරයේදී සිදුවනවා. ඒ අනුව කාරක සභා 4 ක සභාපතිවරුන් ආණ්ඩු පාර්ශ්වයෙන් ද අනෙක් කාරක සභා 4 හි සභාපතිවරුන් විරුද්ධ පාර්ශ්වයෙන් ද පත්කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ. පසුගියදා ආංශික අධීක්ෂණ කාරක සභා 17 ක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කලා .

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද සභාව කල් තැබීමේ දෙදින විවාදය අද ආරම්භවනවා. අද පාර්ලිමේන්තු කටයුතු උදෑසන 09.30ට ආරම්භ වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය පිළිබද විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී පසුගියදා ඉල්ලීමක් කළා. ඒ අනුවයි මැතිවරණ කල් දැමීම පිළිබද දෙදින විවාදයක් ලබා දීමට තීරණය වුණේ. මේ අතර ඊයේ දිනයේදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අභියෝග කරන ආකාරයෙන් කවුරුන් හෝ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඔවුන් මර්ධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා. මේ…

තව කියවන්​න

ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව පහළ යාමත් සමග රට තුළ පැවති විදේශ සංචිත පසුගිය කාලයේ උණ්ඩියල් වැනි ක්‍රම හරහා රටින් පිටතට රැගෙන ගිය පුද්ලයන් මේ වන විට කඩිනමින් යළි එම විදේශ සංචිත රට තුළට ගෙන ඒම අරඹා ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, මහා මාර්ග හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රුපියලේ අගය ඩොලරයට සාපේක්‍ෂව පහත වැටෙමින් එක් ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය හාරසියයක පමණ මට්ටමේ තිබියදී ඩොලර් සංචිත විදේශ රටවලට යැවූ පුද්ගලයන් රුපියලේ අගය ඉහළ යෑමත් සමඟ මෙසේ යළි ඒවා රැගෙන ඒමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා . ඔහු මේ බව සදහන් කලේ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී . මේ…

තව කියවන්​න

ගැටුම් නිමාකර යුක්රේනයට සාමය ගෙන ඒමේ ක්‍රියාවලියේදී මෙවර ජි 20 සමුළුවේ සභාපතිත්වය දරණ ඉන්දියාවට ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කළ හැකි බව ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි පවසනවා. යුක්රේන ගැටුම් නිමා කිරීමේදී සියලු ජාතීන් එක්ව තබා ගැනීම වැදගත් බවත්, ඉන්දියාවට එය හොඳින් සිදුකළ හැකි බවත් අග්‍රාමාත්‍යවරිය පවසා තිබෙනවා.ඇය මෙම අදහස් පල කර ඇත්තේපසුගියදා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදීයි. එමෙන්ම ඉතාලි අග්‍රාමාත්වරිය සිය ඉන්දීය සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ආරක්ෂාව, සහ බලශක්තිය යන අංශවලින් ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තව කියවන්​න

දුම්රිය සේවය පවත්වාගෙන යාම පිළිබදව එකිනෙකාට චෝදනා නොකර නිසි ක්‍රමවේදයක් සැකසීම අත්‍යාවශය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පසුගිය දිනවල උද්ගත වූ ගැටලුකාරි තත්ත්වයන් සහ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් වාර්තා පිළිබදවත් දෙපාර්තමේන්තුවේ වත්මන් තත්වය පිළිබදවත් අද දින විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදු වුණා. ඒ අනුව පවතින දුම්රිය ගමන් වාර හා කාල සටහන් පිළිබදව යළි සමාලෝචනයක් සිදු කර ජාත්‍යන්තරව පවතින නිතිරීති හා ක්‍රමවේදයන් ද සැලකිල්ලට ගනිමින් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම දුම්රිය රියදුරුන්ගේ ධාවන කාල සටහනේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම, වයස අවුරුදු 60 – 63 සම්පූර්ණ කර…

තව කියවන්​න