- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
- ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
Author: VNews
“වෙඩි නොවදින ළමයි” චිත්‍රපටය ඊයේ ඉන්දියාවේ කේරළයේ දී නිමාව දුටු 18 වන ත්‍රිසුර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම ජාත්‍යන්තර පළමු චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තා. මෙහිදී වෙඩි නොවදින ළමයි සමග රුසියාවේ ලුබෝව් බොරිසෝවා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්ද මෙහිදී සම සම්මාන ලබා ගෙන තිබෙනවා. මෙම සම්මානය සඳහා ඉදිරිපත් කළ හැක්කේ අධ්‍යක්ෂවරයාගේ පළමු හෝ දෙවන චිත්‍රපටයි .
කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රිය වැසිකිළියේ දමා ගොස් තිබූ බිළිදාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 25 හැවිරිදි මව සහ 26 හැවිරිදි පියා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිසිය සදහන් කළා. අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා. ඒ අනුව පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඒ අනුව ඊයේ මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබුනා.
අමෙරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ ඉන්දියාවට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල්ගේ ආරාධනයකට අනුවයි. එළඹ ඇත්තේ ඉන්දු – අමෙරිකා සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා සුබදායී කාලයක් බව ද අමෙරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ පවසා තිබෙනවා. ඉන්දියාවට පැමිණි අමෙරිකානු වාණිජ ලේකම්වරිය පසුගිය 09 වනදා දක්වා එරට රැඳී සිටි බව සදහන්. එම කාලසීමාව ඇතුළත ඇය ඉන්දු – අමෙරිකානු වාණිජ සංවාදය සහ තවත් සාකච්ඡා කිහිපයකට ද සහභාගී වී තිබෙනවා.
මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, මත්පැන් අලෙවිය 30%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්. ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ . ඒ අනුව දේශීය මත්පැන් අලෙවිය පහත වැටී ඇති බැවින් මෙරට නිෂ්පාදිත මත්පැන් අපනයනය කිරීම වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසන්නේ. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, දැනටමත් වාර්ෂිකව ලබන අපනයන ආදායම බිලියන 22ක ප්‍රමාණය බිලියන 30-35 දක්වා වැඩි කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇතැයි වාර්තවනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කලේ එවැනි පුද්ගලයකු පත් කිරීම සම්බන්දව වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි. මෙයට අමතරව සභාපතිධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බවද ඒ මහතා කියා සිටියා. සභාපති ධුරය සඳහා කඩිනමින් පුද්ගලයකු පත් කර ගැනීමට කටයුතු කරන බවයි සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කලේ. මහාචාර්ය ජී එල් පීරිස් මහතාට අමතරව පක්ෂය හැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බවද ඔහු කියා සිටියා.
මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කරන ලද ලිපිය, අනුමැතිය සඳහා මුදල් අමාත්‍යවරයාට යොමු කර තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් පසුගිය 7 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබුනා . එමෙන්ම පවතින තත්වය යටතේ මැතිවරණයකට මුදල් නිදහස් කිරීමට තම අනුමැතිය ප්‍රමාණවත් නොමැති බැවින් ඒ සඳහා මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බවයි ලේකම්වරයා දැනුම් දී ඇත්තේ. මේ අතර පළාත් පාලන මැතිවරණය සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පල වුනා .
සංචාරකයින් 1894ක් සහ කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 906 දෙනෙකු රැගත් ප්‍රින්සස් කෲස් නෞකාව දිවයිනට ළඟා වී තිබෙනවා. අතිශය සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන මෙය අද පෙරවරු 7ට පමණ කොළඹ වරායේ සමගි ජැටියට සේන්දු වී ඇති බව සඳහන්. මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින්ගෙන් 159 දෙනෙකු කොළඹ වරායෙන් ගොඩබැස ඇති අතර, ඔවුන් මෙරට මහනුවර, පින්නවල, මීගමුව සහ ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. මෙම නෞකාව ඇමරිකානු සමාගමකට අයත් වුවක් . නෞකාව දිගින් මීටර් 294 ක් සහ පළලින් මීටර් 37 ක් වන අතර එය පැමිණ ඇත්තේ තායිලන්තයේ පුකට් වරායේ සිටයි. අද පස්වරු 7.30ට ප්‍රින්සස් නෞකාව ඩුබායි වරාය බලා පිටත් වීමට නියමිතයි.
ඉන්ෆ්ලුවෙන්සා එච් 3 එන් 2 වයිරසය මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් වාර්තා වනවා. එරට සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසුවේ, වයිරසය ආසාදනය වීමෙන් පසුගියදා පුද්ගලයන් දෙදෙනකු මියගිය බවයි. ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා එච් 3 එන් 2 මරණ වාර්තා වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. මරණ වාර්තා වන්නේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තවලින් . හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, ඉන්ෆ්ලුවෙන්සා එච් 3 එන් 2 ආසාදිතයන් 90 දෙනෙකු ගත වූ පසුගිය දින කීපයේ ඉන්දියාවෙන් හඳුනා ගෙන් තිබෙනවා . කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති ඉන්ෆ්ලුවෙන්සා එච් 3 එන් 2 වයිරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කරන බව වෛද්‍යවරු පවසනවා…
ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් නීති ආධාර ඉල්ලා ඇත්තේ දික්කසාද සහ නඩත්තු නඩු සඳහා බව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පවසනවා . ඊට අමතරව නිවෙස් තුළ සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් වූ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ ගොනු කරන ලද නඩු සඳහාද නීති ආධාර ඉල්ලීම් වැඩි වී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. 2022 වසරේ දී පමණක් දික්කසාද නඩු 8431ක් සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින් නීති ආධාර ලබා දී තිබෙනවා. ජනගහනයට සාපේක්ෂව සැලකීමේ දී වැඩිම නඩත්තු නඩු සංඛ්‍යාවක් නැගෙනහිර පළාත තුළින් වාර්තා වන බවයි ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නීතිඥ කෞශල්‍යා හපුආරච්චි මහත්මිය සඳහන් කලේ. ඇය සඳහන්…
ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයට විකුණා දැමීමේ සුදානමක් පවතින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසනවා . තම සංගමය මෙයට විරෝදය පල කරන බවයි ඔහු සදහන් කලේ .කොලොබ පැවති මාධ්‍ය හමුවකදී රන්ජන් ජයලාල් මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර විදුලිබල මණ්ඩලය , ඛණිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර ඇති සාමුහික ගිවිසුමෙන් ඉවත් වන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අදාළ ආයතනවලට ඒ පිළිබද දැනුම් දුන් බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ. සාමුහික ගිවිසුම මගින් වසර තුනකට වරක් සිදුකෙරෙන සියයට 25ක වැටුප් වැඩිවීම, වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීම්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222