Author: VNews

වෘත්තිය සමිති ගෙන යන අරගලයට තම පක්ෂය සහය ලබා දෙන බව සමගි ජන බලවේගය පවසනවා . එහි පර්ලිම්නේතු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සදහන් කලේ වෘත්තිය සමිති සමග තම සංගමය පාරට බැස රජයට එරෙහිව විරෝදතා දක්වන බවයි. කොළොඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .

තව කියවන්​න

අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු විභාගයට අදාල විෂයන් කීපයක ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පෙර නිකුත්ව ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා පවසනවා . මෙලෙස පිටවී ඇති ප්‍රශ්න පත්‍ර 11 වසරේ සිසුනට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන පෙරහුරු විභාගයට අයත් ඒවා බවයි ඒ මහතා සදහන් කලේ ඒ අනුව සිංහල,ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර මෙලෙස නියමිත කාලයට පෙර නිකුත් ව තිබෙනවා . මේ පිළිබඳ කඩිනමින් මැදිහත් වීමක් සිදුකර දරුවන්ට සිදුවන අපහසුතාවය මගහැරවිමට කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ

තව කියවන්​න

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය එක්සත් වීමක් සඳහා තායිවානයට බලපෑම් එල්ල කරනු ඇතැයි අමෙරිකාව පවසනවා.අමෙරිකාව නිකුත් කළ වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාව මගින් ඒ සම්බන්ධයෙන් අනාවරණ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.එය සකස් කර ඇත්තේ අමෙරිකානු බුද්ධි අංශ විසින්. ඊට අමතරව තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාවේ මැදිහත්වීම් වැළැක්වීමට, අමෙරිකාව සහ මිත්‍රශීලී පාර්ශව අතර ගැටුමක් ඇති කිරීමට සහ චීනයේ ඒකාධිපති ක්‍රමයට අනුග්‍රහය දක්වන ඇතැම් සම්මතයන් ශක්තිමත් කිරීමට චීනයේ කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කරන බව ද අමෙරිකාව චෝදනා කළා.තායිවානය පාලනය කිරීමට චීනය ගන්නා උත්සහයේදී එය සාර්ථක වුවහොත් එහි ප්‍රථිපල ගෝලීය වශයෙන් අත්විඳීමට සිදුවනු ඇති බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ. එමෙන්ම චීනය දකුණු චීන මුහුදේ මතභේදාත්මක කලාප සම්බන්ධයෙන්…

තව කියවන්​න

අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නො අඩු ද අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ රුපියල් 2000 කට නො අඩු රුපියල් පන්දහසක් නො ඉක්මවන්නා වූ දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීම සහ ඒ දඩය යන දෙකට ම හෝ යටත් විය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වන බවද ඔහු සදහන් කළා . එමෙන්ම…

තව කියවන්​න

තම 27 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත් වුණා . ඒ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය වන අද දිනයේදීයි .තරගයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම මේ වන විට කඩුලු ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛාවක් . මෙම තරගයේ පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 480ක් රැස් කර ගැනීමට සමත් වුණා

තව කියවන්​න

ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවූ බවට පළ වූ මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කරන්නේ පසුගිය දිනවල පැවති උද්ඝෝෂණ අතරතුර ශ්‍රී ලංකා පොලිසිය මානව හිමිකම් කඩකළ බවට විවිධ පාර්ශ්ව විසින් එල්ල කළ පැමිණිලිවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍යවරයාට කොමිසමට පැමිණෙන්නැයි මාධ්‍ය වාර්තා කර තිබු බවයි. නමුත් එවැනි කැඳවීමක් සිදු නොකළ බවයි අද නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම කියා සිටියේ .

තව කියවන්​න

මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳා දමාගිය යුවල ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මඩකලපුව බලා ධාවනය කිරීමට සූදානම්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගොස් තිබියදී පසුගිය සිකුරාදා දිනයේදී මෙම බිළිඳා හමුවුනා.

තව කියවන්​න

අදට යෙදී ඇති ලෝක ග්ලුකෝමා දිනයට සමගාමීව ලබන -18 වැනිදා දක්වා ජාතික ග්ලුකෝමා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර එහි තේමාව “ලෝකය දීප්තිමත්ය – ඔබේ පෙනීම සුරකින්න” යන්නයි. ඒ අනුව මෙම සතිය තුළ දීප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, පැවැත්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ග්ලුකෝමා රෝගී තත්ත්වය හේතුවෙන් ලෝකයේ මිලියන 4.5 ක පමණ ජනතාවක් අන්ධභාවයට පත්ව ඇති බවයි. එමෙන්ම තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙළෙන බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා . ග්ලුකෝමා රෝගය මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම හේතුවෙන් ක්‍රමයෙන් අන්ධභාවයට පත් වන බව සඳහන්.

තව කියවන්​න

අලවතුගොඩ, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ. කාන්තාවගේ සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටියදී ඉතා අභිරහස් ලෙස මෙම කාන්තාව ඝාතනය කොට එම නිවස අසල වෙල් යායක මඩ වගුරක දමා තිබියදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ දහවල් සොයා ගැනුණා. එලෙස ඝාතනයට ලක්ව තිබුණේ ධනුකා මධුවන්ති ජයතිලක නම් 26 හැවිරිදි කාන්තාවක්. මහත් අභිරහසක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලීසියට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙක්. ඝාතනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ…

තව කියවන්​න

අප්‍රේල් මාසයේදී මෙරට ඉන්ධන මිල ගණන් පහත දමනු ඇති බව වාර්තා වනවා. ඇමරිකානු ඩොලරයේ අගය අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සදහන් . ඩොලරය අවප්‍රමාණය වීමට අමතරව සිංගප්පූරු වෙළඳ පොළේ ඉන්ධන මිල ගණන් පහළ යාමද තෙල් මිල අඩු කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

තව කියවන්​න